Ticker

6/recent/ticker-posts

Header Ads Widget

නිදහස් දින වැඩසටහනේ මහින්දගේ නම නෑ

පෙබරවාරි 04 වැනිදා ගාලුමුව‍ෙදාර පිටියේදී පැවැත්වීමට නියමිත ‘ජාතික දින උළෙල’ සඳහා විශේෂ ආරාධිත අමුත්තකු ලෙස විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා සහභාගි කර නොගැනීමට රජය තීරණය කොට තිබේ.

අභ්‍යන්තර, ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද ආරාධිත අමුත්තන් අසුන් ගැන්වීමේ ලේඛනයෙන් ඒ බව අනාවරණය වේ.

පෙබරවාරි 04 වැනිදා පෙ.ව. 8.50ට අරඹන එම උත්සවය සඳහා ආරාධිත අමුත්තන් සිය ආසනවල අසුන් ගන්වන්නේ පෙ.ව. 8.30 සිටය. ඒ අනුව බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍යවරයා 8.30ටද, බස්නාහිර ආණ්ඩුකාරවරයා 8.32ටද, අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන ඇමැතිවරයා පෙ.ව. 8.33ටද, අගවිනිසුරුවරයා පෙ.ව. 8.35ටද, කථානායකවරයා පෙ.ව. 8.36ටද, අග්‍රාමාත්‍යවරයා පෙ.ව. 8.38ටද, මාලදිවයින් ජනාධිපතිවරයා පෙ.ව. 8.40ටද, ජනාධිපතිවරයා පෙ.ව. 8.45ටද ප්‍රධාන වේදිකාව වෙත කැඳවීමට නියමිතව තිබේ.

මේ පිළිබඳ අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය වජිර අබේවර්ධන මහතාගෙන් විමසුවද තමන් ‘මීටින් එකක’ බව සඳහන් කිරීම නිසා ඔහුගේ අදහස් දැනගැනීමට නොහැකි වූ අතර එම අමාත්‍යාංශයේ ලේකම් එච්.ටී. කමල් පත්මසිරි මහතාගෙන් විමසීමට කටයුතු කළද දුරකථනයට ඔහු සම්බන්ධ වූයේ නැත.


Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();