මෙරට අපනයන ව්‍යාපාරික කටයුතු ශක්තිමත් කිරීමේත් දිරිමත් කිරීමේත් ප්රමුඛ අරමුණ ඇතිව පසුගිය වසරේදී හඳුන්වාදුන් “ජාතික අපනයන උපාය මාර්ගික සැලැස්ම“ මේ වන විට ඉතා සාර්ථක ලෙස අපනයන ක්ෂේත්රය තුළ බලාපොරොත්තු වන ඉලක්ක ජයග්‍රහණය කරවීමට ඉවහල් වී ඇතැයි ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය පවසයි.
මෙම ජාතික උපායමාර්ගික සැලැස්ම මේ වන විට ක්‍රියාත්මක වන ආකාරය හා කෙටි කාලයක් තුළ එමඟින් ලබා ඇති ප්‍රගතිය පිළිබඳව දැනුවත් කිරීම සඳහා ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ මෙහෙය වීමෙන් පසුගියදා කොළඹ දී පැවැති මාධ්‍ය හමුවකදී මේ කරුණු අනාවරණය වූ අතර එහිදී මෙම සැලැස්ම හරහා ශීඝ්‍රයෙන් වර්ධනය වන ආසියානු කලාපයේ රටවලට ශ්‍රී ලාංකික නිපැයුම් හා මෙවලම් අපනයනය කිරීමේ මහඟු අවස්ථාව ශ්‍රී ලංකාවට උදා වී ඇති බව ප්‍රකාශ විය .
සංවර්ධන උපායමාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍යාංශය ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ ප්රමුඛත්වයෙන් රාජ්‍ය හා පෞද්ගලික අංශයේ පාර්ශ්වකරුවන් රැසකගේ ද සහභාගිත්වයෙන් ජිනීවා හි ජාත්‍යන්තර වෙළෙද මධ්‍යස්ථානයේ තාක්ෂණික සහයෝගිතාව ඇතිව යුරෝපා කොමිසමේ මූල්‍ය දායකත්වය ලබාගෙන මෙම අපනයන උපාය මාර්ගික සැලැස්ම සම්පාදනය වී තිබීම විශේෂත්වයකි.
2018-2022 කාලපරිච්ඡේදය ඉලක්ක කර ගනිමින් ශ්‍රී ලංකා අපනයන ආදායම හා සමස්ත අපනයනය ඉහළ නැංවීම අරමුණු කර ගනිමින් මෙම සැලැස්ම ක්‍රියාවට නංවා තිබේ. සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් ඇතුළු අපනයනකරුවන් උදෙසා පුළුල් හා සුපරීක්ෂාකාරී ලෙස සකස් කළ පස් අවුරුදු සැලැස්මක් වන මෙම ජාතික අපනයන උපාය මාර්ගික සැලැස්ම ඔස්සේ, 2022 වසර වන විට ඇමෙරිකන් ඩොලර් බිලියන 28 ක් දක්වා වූ ආදායමක් ඉපැයීමට හැකි වෙතැයි අපේක්ෂා වී තිබේ.
තවද ශ්‍රී ලංකාව ඉන්දියන් සාගරය මධ්‍යයෙහි පිහිටා ඇති අපනයන පාදක ආර්ථික කේන්ද්‍රස්ථානයක් වශයෙන් ස්ථාපනය කිරීමට අපේක්ෂා කරන වත්මන් රජයේ “2025 දැක්ම හා එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා “ වැනි අනෙකුත් ජාතික ආර්ථික සැලසුම් සමඟ ද මෙම අපනයන උපායමාර්ගික සැලැස්ම කදිමට මුහු වී ඇතැයි ආර්ථික විශේෂඥයන්ගේ අදහස වී තිබේ. මේ වන විට අපනයන ආර්ථිකයට වැඩිම ශක්තියක් ලබාදෙන ක්ෂේත්‍ර ලෙස පිළිගැනෙන තොරතුරු තාක්ෂණය, ව්‍යාපාර ක්‍රියාවලි, කුළු බඩු නිෂ්පාදන, සුවසේවා සංචරණය, සකස් කළ ආහාර පාන, බෝට්ටු කර්මාන්තය, විද්‍යුත් හා ඉලෙක්ට්‍රොනික උපාංග යන ප්රමුඛ අංශ හයක් ඔස්සේ ඉදිරි වසර පහක කාලය තුළ මෙරට අපනයන විවිධාංගිකරණය කිරීමේ අරමුණ සාක්ෂාත් කර ගැනීම සඳහා මෙම සැලැස්ම විශේෂ අවධානයක් යොමු කර ඇති අතර, සාම්ප්‍රදායික අපනයන කර්මාන්තවල වර්ධනයට ආධාර කරන අතරම නව කර්මාන්ත ද බිහි කිරීම සඳහා කටයුතු කිරීම මෙහි තවත් සුවිශේෂී අරමුණක් ලෙස පෙන්වා දිය හැකි වේ.
ඉදිරිපස් අවුරුදු කාලය ඉලක්ක කරගනිමින් සම්පාදනය වුණු මේ ජාතික අපනයන උපායමාර්ගික සැලැස්ම මෙරට අපනයන ආර්ථිකයේ හැරවුම් ලක්ෂ්‍යයක් නිර්මාණය කර තිබෙන බව අපනයනකරුවන්ගේ පමණක් නොව මෙරට ආර්ථිකයට ජීවය පිඹින සියලුම පාර්ශ්වකරුවන් ගේ පොදු අදහස වී තිබේ.
මෙහිදී සදහන් කළ යුතු තවත් කාරණාවක් නම් කාර්ය උපාය සේවා, ජාතික ගුණාත්මක යටිතල පහසුකම්, නවෝත්පාදන හා ව්‍යවසායකත්වය, වෙළෙඳ තොරතුරු හා ප්‍රවර්ධනය යන වෙළෙඳ ආධාරක කාර්යයන් වැඩිදියුණු කිරීම සඳහා ද මෙම සැලැස්ම ඔස්සේ යෝජනා වී තිබීමයි. එමගින් සියලුම අපනයන අංශවලට ඉහළම ප්රතිලාභ හිමි වනු ඇතැයි අපේක්ෂා වී ඇති අතර , ශ්‍රී ලංකාව ඉන්දියානු සාගර කලාපයේ නවීන සහ කාර්යක්ෂම වෙළෙඳ මධ්‍යස්ථානයක් බවට පත්කිරීම සඳහා එමගින් සෘජු බලපෑමක් එල්ල කිරීමට හැකි වෙතැයි තක්සේරු කර ඇත.
අපනයන ව්‍යාපාරයකට මඟ කියන්නට සිළුමිණෙන් අත්වලක්
ලබන සතියේ සිට
from silumina
0 Comments