නව අපනයන කරුවන් 2000 රටට දායාද කිරීමේ ජාතික වැඩසටහන පිළිබදව සබරගමුව පළාත් ව්‍යවසායකයන් දැනුවත් කිරීම සඳහා සංවිධානය කර ඇති විශේෂ සම්මන්ත්‍රණයක් හා ප්‍රදර්ශනයක් මේ මස 28 වැනි දින (සදුදා දින) කෑගල්ල “ද ෆැක්ට්‍රි අඹන්පිටිය” උත්සව ශාලාවේ දී පැවැත්වීමට නියමිතය.
මෙම වැඩසටහන ව්‍යවසායකයන් දැනුවත් කිරීමේ සම්මන්ත්‍රණයක්, සබරගමුව පළාතේ ව්‍යවසායකයන් සහ පාසල් සිසුන් වෙනුවෙන් අපනයන කර්මාන්ත සදහා අවශ්‍යය තාක්ෂණික දැනුම විදහා දක්වන ප්‍රදර්ශනයක් සහ සබරගමුව පළාතේ ව්‍යවසායකයන්ගේ ව්‍යාපාරික ගැටළු විසදන සාකච්ඡාවක් යන අංගවලින් සමන්විත වේ. මීට අමතරව මීට ඉහතදී අපනයන ක්ෂේත්රයට එකතුව අභියෝග අතරින් මේ වන විට සාර්ථකත්වය ලබා ඇති සබරගමුව පළාතේ ප්‍රධාන අපනයන කරුවන් පිරිසක් තම අත්දැකීම් ඉදිරිපත් කරමින් අපනයන ක්ෂේත්රයට අලුතෙන් එක්වීමට බලාපොරොත්තු වන ව්ය වසායකයින් දිරිගැන්වීමට ද බලාපොරොත්තු වේ. එසේම ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය විසින් සංවිධානය කරනු ලබන රැකියා වෙළඳ පලක්ද මීට සමගාමීව පැවැත්වීමටද කටයුතු යොදා ඇත.
ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය විසින් 2017-2020 කාලපරිඡ්චේදය තුළදී නව අපනයන කරුවන් 2000 බිහිකිරීම සඳහා ජාතික වැඩසටහනක් දියත් කර ඇති අතර 2022 වසර වන විට සමස්ත අපනයන ඉලක්කය ඇමරිකානු ඩොලර් බිලියන 28 ක් ලබා ගැනීම සඳහා අපනයන කර්මාන්තවල ආයෝජනය කිරීමට දේශීය ව්‍යාපාර උනන්දු කරවීම එම වැඩසටහනේ ප්‍රධාන අරමුණවී තිබේ. ඒ අනුව එහි පළමු වැඩසටහන යාපනයේදී පැවැති අතර අනතුරුව මහනුවරදීද, මාතර හා කුරුණෑගලදී ද අනෙක් වැඩසටහ න් පවත්වා තිබේ. කෑගල්ලේදී පැවැත්වීමට නියමිතව ඇත්තේ එහි පස් වැන්නයි.
අපනයන කර්මාන්ත සදහා අවශ්‍ය තාක්ෂණික දැනුම විදහා දක්වන ප්‍රදර්ශනය සදහා කර්මාන්ත සංවර්ධන මණ්ඩලය (IDB), කාර්මික තාක්ෂණ ආයතනය (ITI), ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI), ජාතික ඉංජිනේරු පර්යේෂණ හා සංවර්ධන මධ්‍ය ස්ථානය (NERD), පශ්චාත් අස්වනු තාක්ෂණ ආයතනය (PHTI), අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව (DEA), පොල් සංවර්ධන අධිකාරිය (CDA), නැනෝ තාක්ෂණය පිළිබඳ ශ්‍රී ලංකා ලංකා ආයතනය (SLINTEC), බියුරෝ වෙරිටාස් කන්සියුමර්ස් සර්විසස් ලංකා (පුද්) සමාගම, ටියුලිප් ටෙක්නොලොජීස් (පුද්) සමාගම ආදී රාජ්‍ය හා පුද්ගලික අංශයන්ට අයත් ආයතන හා සමාගම්ද සහභාගී වන අතර කෘෂිකාර්මික නිෂ්පාදන, කුළු බඩු නිෂ්පාදන, තෑගි භාණ්ඩ හා විසිතුරු භාණ්ඩ, සුවසේවා ,සංචාරක කර්මාන්තය ආශ්‍රීත සේවා, සකස්කළ ආහාර පාන, ආයුර්වේද නිෂ්පාදන, පොල් හා ආශ්‍රීත නිෂ්පාදන, මැණික් හා ස්වර්ණාභරන නිෂ්පාදන ,විසිතුරු මත්ස්‍ය නිෂ්පාදන, තොරතුරු තාක්ෂණ හා සන්නිවේදන සේවා ආදී ව්යාවපාරයන් හී නිරත ව්‍යවසායකයින්ට මෙම සම්මන්ත්‍රණයට හා ඊට සමගාමීව පැවැත්වෙන ප්‍රදර්ශනයට සහභාගී වන ලෙස ආරාධනා කර ඇත.
from silumina
0 Comments