Ticker

6/recent/ticker-posts

Header Ads Widget

මත් නිවාරණ වැඩපිළිවෙළ අවඥාවට ලක් කරන්නේ ඊට සම්බන්ධ ජාවාරමුන්

මහින්ද අලුත්ගෙදර මාතර සිට

මත්ද්‍රව්‍ය නිවාරණය වෙනුවෙන් ගෙනයන වැඩපිළිවෙළ අවඥාවට ලක් කරමින් සිටින්නේ එම ජාවාරමට සම්බන්ධ පිරිස් විසින්ම බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි. කුමන මුහුණුවරකින් පෙනී සිටිය ද ඔවුන් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ මුදලට යට වී ඇති බව ජනාධිපතිවරයා සඳහන් කළේ ඊයේ (30) පෙරවරුවේ මාතර සනත් ජයසූරිය ක්‍රීඩාංගණයේ පැවැති ,මතින් නිදහස් රටක්, මත්ද්‍රව්‍ය නිවාරණ ජාතික වැඩසටහනේ මාතර දිස්ත්‍රික් සමුළුව අමතමිනි.

මෙහි දී අදහස් දැක්වු ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කෙළේ මත්ද්‍රව්‍ය මර්දනය, පාලනය සහ නිවාරණය වෙනුවෙන් මෙතෙක් ගෙන ගිය වැඩසටහන ශක්තිමත් කරනවා සේම පාසල් දරුවන් සහ රාජ්‍ය නිළධාරින් මුල්කර ගනිමින් විශේෂ වැඩසටහන් කිහිපයක් ඉදිරි මාස කිහිපය තුළ දී ක්‍රියාවට නංවන බවයි.

එල්ටීටීඊ ත්‍රස්තවාදය පරාජය කිරීමට ගෙන ගිය යුද්ධයට හා සමාන යුද්ධයක් මත්ද්‍රව්‍ය අභියෝගය පරාජය කිරීමට ද රජය ගෙන යන අතර එහි දී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණීය දණ්ඩනය ලබාදීමේ තීරණය ද ළගදීම ක්‍රියාවට නංවන බව ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.

ථෙරවාද බෞද්ධ දර්ශනයට විරුද්ධව අද විවිධ බලවේග ක්‍රියාත්මකවන අතර බෞද්ධ දර්ශනය විකෘති කර පෙන්විමට ගෙනයන කුමන්ත්‍රණ, සංස්කෘතික වටිනාකම් විනාශ කිරීමට ගෙන යන කුමන්ත්‍රණ සේම මත්ද්‍රව්‍ය ජාවාරම ද රට විනාශ

කිරීමට ගෙන යන ක්‍රමානුකූල සංවිධානාත්මක කුමන්ත්‍රණයක් බව ජනාධිපතිවරයා කියා සිටියේ ය. එහිදී දැඩි තීන්දු තීරණ ගනිමින් සහ සිය වගකීම් නිසි ලෙස ඉටුකරමින් මාතෘ භූමිය රැක ගැනීමට සියලුදෙනා පෙළගැසීමේ වැදගත්කම ජනාධිපතිවරයා අවධාරණය කළේ ය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උපදෙස් හා මගපෙන්වීම යටතේ මත්ද්‍රව්‍ය නිවාරණ ජනාධිපති කාර්ය සාධන බළකායේ මෙහයවීමෙන් ක්‍රියාත්මක ,මතින් නිදහස් රටක්, මත්ද්‍රව්‍ය නිවාරණ ජාතික වැඩසටහට සමගාමීව පැවැත්වෙන දිස්ත්‍රික් සමාලෝචන වැඩසටහන් මාලාවේ 13 වැනි වැඩසටහන මෙලෙස මාතර දිස්ත්‍රික්කය කේන්ද්‍රකර ගනිමින් පැවැත්විණි. මාතර දිස්ත්‍රිකකයේ මත්ද්‍රව්‍ය නිවාරණය වෙනුවෙන් පුළුල් වැඩසටහන් මාලාවක් පසුගිය ඔක්තෝම්බර් මාසයේ සිට ක්‍රියාත්මක කෙරිණි. ඒ යටතේ, දිස්ත්‍රික්කයේ සියලුම ග්‍රාම නිලධාරි කොට්ඨාස (650) ආවරණය වන පරිදි ග්‍රාමීය වැඩසටහන් 650ක් පවත්වා මහජනතාව හා නිලධාරින් මත්ද්‍රව්‍ය නිවාරණය පිළිබඳව ඝෘජුව දැනුවත් කර තිබේ.

එසේම මත්ද්‍රව්‍ය නිවාරණ කාර්ය සාධන බළකායට අනුයුක්ත නාවික හමුදා හා ගුවන් හමුදා නිලධාරින් මගින් මාතර දිස්ත්‍රික්කයේ කලාප 05ක පාසල් 51ක පමණ සිසුන් දැනුවත් කිරීමේ වැඩසටහන් පැවැත්වීමට කටයුතු කෙරිණි.

මෙම වැඩසටහන්වල ප්‍රගතිය සමාලෝචනය කිරීම සහ ඊට දායකවූවන් ඇගැයීමට ලක් කිරීම ද මෙම සමු'ථවේ දී සිදු විය.

මාතර දිස්ත්‍රික් පාසල් මත්ද්‍රව්‍ය නිවාරණ නියමුවන්ට නිල ලාංඡන පැළඳවීම, ක්‍රියාකාරී ග්‍රාමීය මත්ද්‍රව්‍ය නිවාරණ කමිටු 04ක් සඳහා සහ ක්‍රියාකාරි පාසල් මත්ද්‍රව්‍ය නිවාරණ කමිටු 03ක් සඳහා ඇගැයිම් සහතික පත් ප්‍රදානය කිරීම ද මෙහිදී ජනාධිපතිවරයා අතින් සිදු විය.

මීට අමතරව තාරුණ්‍ය මත්ද්‍රව්‍ය උවදුරෙන් නිදහස් කර ගැනීමට විශ්ව විද්‍යාලවල දායකත්වයෙන් විශේෂ වැඩසටහනක් ක්‍රියාවට නංවා තිබෙන අතර, ඒ යටතේ රුහුණු විශ්ව විද්‍යාලයේ මත්ද්‍රව්‍ය නිවාරණ පර්යේෂණ ඒකකයේ කටයුතු සඳහා මූල්‍ය පරිත්‍යාගයක් පිරිනැමීම ද මෙහිදී ජනාධිපතිවරයා අතින් සිදු විය. මහාචාර්ය සමන් චන්දන එදිරිවීර මහතා ඊට අදාළ චෙක්පත ජනාධිපතිවරයා අතින් ලබා ගත්තේ ය.

දක්ෂිණ ලංකාවේ උප ප්‍රධාන අධිකරණ සංඝනායක හා මාතර ඉසිපතනාරාමාධිපති රාජකීය පණ්ඩිතය තලහගම ඥානරතන ස්වාමින් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය සහ අන්‍යාගමික පූජකවරුන් ද, ඇමැති මංගල සමරවීර,

නියෝජ්‍ය ඇමැති බුද්ධික පතිරණ, දකුණු පළාත් ප්‍රධාන ඇමැති ශාන් විජයලාල් ද සිල්වා, පාර්ලිමේන්තු මන්ත්‍රී චන්ද්‍රසිරි ගජධීර, පළාත් අමාත්‍යවරුන් වන චන්දිමා රාසපුත්‍ර, මනෝජ් සිරිසේන යන මහත්වරුන් ඇතු'ථ මහජන නියෝජිතයන්

රැසක් ද, මාතර දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් රත්නායක මහතා ඇතු'ථ රාජ්‍ය නිලධාරින් සහ පොලිස්පති පූජිත ජයසුන්දර මහතාඇතුළු ආරක්ෂක අංශ ප්‍රධානිහු මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();