Ticker

6/recent/ticker-posts

Header Ads Widget

වැලි මංකඩේ ප්‍රහාරය පිටුපස කෝටිපතියෙක්

විජයානි එදිරිසිංහ

ත්‍රිකුණාමලය කින්නියා කන්දල්කාඩු වැලි මංකඩේ නීති විරෝධී ලෙස වැලි ජාවාරමේ යෙදී සිටින පිරිස මෙහෙයවන කෝටිපති ව්‍යාපාරිකයකු පෙරේදා ආරක්ෂක අංශවලට එල්ල කළ ප්‍රහාරය පිටු පස සිට එය සිදු කර මෙහෙයවා ඇති බවට පොලිසියට තොරතුරු ලැබී තිබේ.

මෙම ව්‍යාපාරිකයා දේශපාලනඥ සහායද ඇතිව ඔවුන්ටද කොටස් මුදල් දෙමින් ගම්වාසින් යොදා මේ වැලි නිධිය සුරා ගැනීමේ කටයුතු කාලයක් තිස්සේ සිදු කර ගෙන ගොස් ඇති අතර එම කන්නකාඩු වැලි නිධිය කෝටි ගණනින් ආදායම් උපයන දැවැන්ත වැලි ජාවාරමක් වන අතර පසුගිය කාලය පුරා මේ නිධියේ වැලි ජාවාරම කරගෙන ගිය පිරිස පොලිසිය විසින් කරනු ලබන තහනම් නොතකා හැර බලහත් කාරයෙන්ම එම නිධියේ වැලි ජාවාරම කරගෙන ගොස් තිබුණි.

මෙම වැලි නිධියේ වැලි හෑරීම තුළින් සිදු වන පරිසර හානිය නවත්වා ලිම පිණිස ජනාධිපති කාර්ය සාධක බළකායක්ද පත් කරනු ලැබ තිබුණි. මේ අතර එම ප්‍රදේ ශවාසින් විසින් ඉහත ව්‍යාපාරිකයාගේ වැලි ජාවාරමේ කොටස් කරුවන් වෙමින් බලහත්කාරයෙන්ම වැලි හැරිමේ කටයුතු වල යෙදි ඇත. පොලිසියත් නාවික හමුදාව විශේෂ කාර්ය බළකාය සහ පතල් කාර්යාංශය විසින් වරින් වර මේ නිධිය වටලා අනවසරයෙන් නිති විරෝධි ලෙස වැලි ජාවාරමේ යෙදි සිටින පිරිස අත් අඩංගුවට ගැනිම් සිදු කර තිබිණි.

ඒ අනුව පසුගිය සති තුනක කාලය තුළ වැලි ජාවාරමේ යෙදි සිටි පහලොස් දෙනකු පමණ අත් අඩංගුවට ගෙන තිබුණි. තවදුරටත් මේ වැලි නිධිය ප්‍රදේශය තුළ මෙහෙයුම්වල යෙදි සිටින ආරක්ෂක අංශ පෙරේදා සම්පුර්ණ ප්‍රදේශයම වටලා දැවැන්ත මෙහෙයුමක් දියත් කිරිමට සුදානම් කර එය ක්‍රියාත්මක කරනු ලැබු අවස්ථාවේ පෙර සුදානමකින් සිටි ප්‍රහාරකයන් අවි ආයුධ රැගෙන ආරක්ෂක අංශවලට පහර දිමට පටන් ගෙන තිබුණි.මේ ප්‍රහාරය සදහා කින්නියා ප්‍රදේශයේ ප්‍රදේශයවාසින් විශාලපිරිසක් සහභාගි වි සිටියහ.

මේ ප්‍රහාරය සිදු වන අවස්ථාවේ එම ජාවාරමට සම්බන්ධ යැයි සැකකෙරෙන අයකු මිය ගොස් තිබුණි තවත් අයකු අතුරුදන්ව සිටියි ඔහු සොයා මේ වන විටත් මෙහෙයුම් සිදු කර ගෙන යයි.

මෙහිදි නාවික හමුදාවේ 12දෙනකු තුවාලලබා රෝහල් ගත කර සිටි අතර ඉන් දෙදෙනකු

හැර සෙසු පිරිස ප්‍රතිකාර ලබාගෙන රෝහලෙන් පිටව ගොස් තිබුණි. මේ ප්‍රහාරය සම්බන්ධයෙන් නාවික හමුදාවෙන් සහ පොලිසියෙන් වෙන වෙනම පරික්ෂණ පැවැත්වෙයි. පොලිස් පරික්ෂණවලදි එම සිද්ධිය සම්බන්ධයෙන් නාවික හමුදාවේ පහලොවකට වැඩි පිරිසකගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබුණි. ඊට අමතරව ගම්වැසියන් සහ තවත් පිටස්තර පුද්ගලයන්ඇතුළු පනහකට වැඩි පිරිසකගෙන් ප්‍රකාශ සටහන් කර ගත් බවද පොලිසිය පවසයි.

මේ වන විට මේ සිද්ධිය සම්බන්ධයෙන්කිසිවකුත් අත් අඩංගවට ගෙන නොමැති අතර සම්පුර්ණ විමර්ශණවලින් අනතුරුව පිරිස අත් අඩංගුවට ගන්නා බවද පොලිසය පවසයි

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();