Ticker

6/recent/ticker-posts

Header Ads Widget

සේනා මර්දනයට කොහොඹ යුෂ බළකායක්

චන්ද්‍රිකා පෙරේරා සහ තරුෂි බෝපෙආරච්චි

කොහොඹ කොළ හා ඇට යුෂ මිශ්‍රනය මගින් සේනා දළඹුවා මර්දනය කළ හැකි බවත් ඒ සඳහා මර්දන ඒකකයක් මේ වන විට තමා යටතේ ක්‍රියාත්මක බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝ පැවසූහ.

මේ වන විට එම දළඹු ගැටලුව විසඳා ගැනීමට නොහැකි ගොවි මහත්වරු සිටී නම් දුරකථන අංක 0112882198 හෝ 0711136504 හෝ මගින් දැනුම් දී සතියක් ගත වීමට පෙර සම්පූර්ණයෙන්ම සේනා දළඹුවා ඉවත් කර දීමට එම මර්දන ඒකකය කටයුතු කරන බවත් ඒ හිමියෝ අවධාරණය කළහ. කොහොඹ ශාකය උත්තරීතර ශාකයක් බවද එය අප ආරක්ෂා කර ගත යුතු අතර අමෙරිකාව එය ලබා ගැනීමට උත්සහ කළ බවද පෙන්වා දුන්හ.

ගසට හා පොළවට විෂ සහිත රසායනික ද්‍රව්‍ය නිපදවන සමාගම්වල හා බඩඉරිඟු තොග වශයෙන් ගෙන්වන ව්‍යාපාරිකයන්ට නතු නොවී විකල්ප දේශීය ක්‍රමවලට අනුගත වීම සාර්ථක බවද රතන හිමියෝ සඳහන් කළෝය.

රාජගිරිය සදහස් සෙවණේ ඊයේ (30) පැවැති මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුර දෙමින් රතන හිමියෝ එම අදහස් පළ කළහ.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();