Ticker

6/recent/ticker-posts

Header Ads Widget

අභයතිස්ස හිමි මිලියන 500ක් වන්දි ඉල්ලා ”දිනමිණ” ට එරෙහිව නඩු දමයි. (Video)

පසුගිය 2018 ජනවාරි 15 දින දිනමිණ පුවත්පතේ ”විමල්ට සල්ලි ඉල්ලා පින්ඩපාතයේ යෑම ශාසනයට නිගාවක්” යන ශීර්ෂය යටතේ පළවූ පුවතින් තමන්වහන්සේගේ කීර්තියට හා සමාජ මෙහෙවරට හානි වූ බව පවසමින් මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියෝ ඇසෝසියේටඩ් නිව්ස්පේපර් ඔෆ් සිලෝන් ලිමිටඩ් ආයතනයෙන් රුපියල් මිලියන 500ක වන්දියක් ඉල්ලා නඩු පවරා තිබේ.

ජාතික විද්වත් භික්ෂු සංසදය අද (29) පෙරවරුවේ පැපිලියාන සුනේත්‍රාදේවී පිරිවෙනේ කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ආචාර්ය පූජ්‍ය මාදුරුඔයේ දම්මිස්සර හිමි මේ බව සදහන්කර සිටියේය.

ඉහත සදහන් සිදුවීම සත්‍ය එකක් බවට වූ පදනම මත එම ලිපිය පුරාම පූජ්‍ය මැදගොඩ අභයතිස්ස ස්වාමීන් වහන්සේ විවේචනයට හා අවඥාවට ලක් කරමින් දරුණු ප්‍රකාශයන් සදහන් කොට එම ලිපිය සකස් කර ඇති බව උන් වහන්සේ වැඩිදුරටත් සදහන් කරයි.


Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();