Ticker

6/recent/ticker-posts

Header Ads Widget

අධිකරණ පද්ධතියේ සංවර්ධනයට දෙන සහයෝගයට ජර්මනියට ප්‍රශංසාව

මෙරට අධිකරණ පද්ධතියේ සංවර්ධනය වෙනුවෙන් ලබා දෙන සහයෝගයට ජර්මන් රජයට ප්‍රශංසාව පළ කරන බව, අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ තලතා අතුකෝරළ මහත්මිය පවසයි.

අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය සහ ශ්‍රී ලංකාවේ ජර්මානු තානාපති Jorn Rode මහතා අතර හමුවක් ඊයේ (28) පස්වරුවේ අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේදී පැවැත්විණ. 

මෙහි දී දෙරට අතර අධිකරණ කටයුතු නීති ක්ෂේත්‍රයන්හි සහයෝගය තවදුරටත් වැඩි දියුණු කිරීම පිළිබදව සාකච්ඡා විය. අමාත්‍යවරිය මෙහිදී සදහන් කළේ විශේෂයෙන් ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතියේ හා අනෙකුත් සංවර්ධන කටයුතු සදහා ජර්මන් රජය ලබා දෙන සහයෝගය අගය කරන බවයි. දෙරටෙහිම අධිකරණ පද්ධතියේ සංවර්ධනය සදහා නීතිමය කරුණු හුවමාරු කිරීම පුහුණු වීම්වල වැදගත්කම පිළිබදව මෙහි දී අවධාරණය විය. 

ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතියේ සංවර්ධනය හා ප්‍රවර්ධනය වෙනුවෙන් නීතීමය කරුණු අධ්‍යනය කිරීම සඳහා මෙන්ම පුහුණු කිරීම්වල දී ජර්මානු රජය ලබා දෙන සහයෝගය අගය කරන බව ද අමාත්‍යවරිය මෙහිදී සඳහන් කළාය. මෙරට විනිසුරුවරුන්ට අධිකරණ කාර්ය මණ්ඩලයට නීතිමය දැනුම අවබෝධය තවදුරටත් වැඩි දියුණු කර ගැනීම සඳහා ජර්මානු රජය එරට තුළදී ලබා දෙන සහාය අගය කරන බවත් එම සහයෝගය ඉදිරියටත් අපේක්ෂා කරන බව ද අමාත්‍යවරිය එහිදී පැවසුවාය.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();