දකුණු අප්‍රිකානු පිලේ තුන්ඉරියව් ක්‍රීඩක අන්ඩිලි පෙලුක්වායෝට ජාතිවාදී ප්‍රකාශයක් සිදුකළ බවට වරද පිළිගත් පාකිස්තානු පිලේ නායක සර්ෆ්රාස් අහමඩ්ට තරග 4ක තහනමක් පනවා තිබේ.
දෙපිල අතර ඩර්බන් නුවර පැවැති එක්දින තරගය අතරතුර පාකිස්තානු පිලේ නායකයා ජාතිවාදී ප්‍රකාශයක් සිදු කිරීමෙන් ක්‍රීඩාවේ නීතිරිතී කඩ කර ඇතැයි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිවේදනය කළේය. 31හැවිරිදි සර්ෆ්රාස් පසුව ඒ පිළිබඳ සමාව අයැද සිටි අතර විශේෂිත පුද්ගලයකු ඉලක්ක කරමින් එවැනි ප්‍රකාශයක් නොකළ බව කියා සිටියේය.
මේ තරග තහනමට අනුව කඩුලු රකින ක්‍රීඩකයා ද වන සර්ෆ්රාස්ට දකුණු අප්‍රිකානු තරගාවලියේ ඉතිරි එක්දින තරග 2 සහ විස්සයි20 තරග 2 අහිමිවනු ඇත.
තරගය අතරතුර සර්ෆ්රාස් කඩුල්ල පසුපස සිට උර්දු භාෂාවෙන් ‘කාලි‘ යනුවෙන් අන්ඩිලිට බැණ වදින බවක් කඩුල්ලේ සවි කර ඇති මයික්‍රෆෝනයෙන් ඇසුණු අතර එහි අර්ථය සොයා බැලීමේදී එය ‘කල්ලා‘ යනුවෙන් අර්ථ ගැන්වෙන බව අයි.සී.සී.ය කියා සිටී. තරග තහනමට අමතරව අයි.සී.සී.යේ ආචාරධර්ම පිළිබඳ අධ්‍යාපන වැඩසටහනකට සහභාගිවීමට ද සර්ෆ්රාස්ට සිදුවනු ඇත.
0 Comments