ලොව වඩාත්ම අවධානයට ලක්වූ ටෙනිස් ශූරතාවලිය ලෙස සැළකෙන ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලියේ අවසන් මහා තරගයෙන් ස්පාඤ්ඤයේ රෆායිල් නඩාල් ලකුණු 6-3ක්, 6-2ක් සහ 6-3ක් ලෙස පරාජය කරමින් සිය වාර්තාගත 7 වැනි ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් කිරුළ දිනාගැනීමට සර්බියාවේ නොවැක් ඩිජොකෝවික් ඊයේ සමත්විය. මේ අතර පෙරේදා පැවැති කාන්තා අවසන් මහා තරගයේදී චෙක් රාජ්‍ය යේ පෙට්රා ක්විටෝවා ලකුණු 7-6ක්, 7-5ක් සහ 6-4ක් ලෙස පරාජය කරමින් පිට පිට දෙවැනි ග්‍රැන්ඩ් ස්ලෑම් කුසලානයත් දිනාගැනීමට ජපානයේ නයෝමි ඔසකා සමත්වූවාය.
නඩාල් ඊයේ දිනාගනු ලැබුවේ පිට පිට තුන්වැනි ග්‍රෑන්ඩ් ස්ලෑම් ටෙනිස් කුසලානයයි. 31 හැවිරිදි ඩිජොකෝවික් පැය දෙකකුත්, මිනිත්තු 4කින් තරගය නිමා කළ අතර මීට පෙර ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් කුසලානය 6 වතාවක් දිනා සිටි රෝයි එමර්සන්ගේ සහ රොජර් ෆෙඩරර්ගේ වාර්තා පසු කිරීමට සමත්වීය.
වසර 2015න් පසුව පිට පිට ග්‍රෑන්ඩ් ස්ලෑම් කුසලාන දෙකක් දිනූ පළමු ක්‍රීඩිකාව බවට පත්වූ නයෝමි ඔසාකා ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් ශූරතාව දිනූ පළමු ආසියාතික ක්‍රීඩිකාව ලෙසත් වාර්තා පොතට එක්වූවාය. එමෙන්ම පසුගිය වසරේ අමෙරිකානු විවෘත ටෙනිස් කුසලානය දිනාගනිමින් සිය පළමු ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතාව දිනූ ඇය වසර 2001දී ජෙනිෆර් කැප්රියාටිගෙන් පසුව කෝඩුකාර ක්‍රීඩිකාවක් ලෙස පිට පිට ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතා දෙකක් දිනූ පළමු ක්‍රීඩිකාව ද වන්නීය. ඊයේ දිනූ ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් කුසලානයත් සමග ඩිජොකෝවික් මේ වනවිට දිනා ඇති ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතා සංඛ්‍යාව 15කි. ඔහුට වඩා ඉදිරියෙන් පසුවන්නේ රොජර් ෆෙඩරර් (කුසලාන 20ක්) සහ නඩාල් (කුසලාන 17ක්) පමණි.
21 හැවිරිදි නයෝමි ඔසාකා ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් කුසලානය දිනාගැනීමත් සමග ජාත්‍යන්තර කාන්තා ටෙනිස් ශ්‍රේණිගත කිරීම්වල පෙරමුණ ගැනීමට සමත්වූ අතර වසර 2010දී ඩෙන්මාර්කයේ කැරොලින් වොස්නියැකි එවකට 20 හැවිරිදි වියේදී නොම්මර එකේ ක්‍රීඩිකාව බවට පත්වීමෙන් පසුව ළාබාල වියේදී අංක එක ස්ථානය අත්කරගත් පළමු ක්‍රීඩිකාව ද වන්නීය.
0 Comments