Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ත්‍රි’මලය-ගාල්ල වරායන් පැය 24ම වැඩට

ත්‍රිකුණාමලය සහ ගාල්ල වරායන් මේ වසර අවසානයට පෙර පැය 24ම මෙහෙයුම් කටයුතු සිදු කරන වරායන් බවට පත් කරන බව වරාය, නාවික කටයුතු සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා ප්‍රකාශ කළේය.

මෙහි පළමු පියවර වශයෙන් ලබන අප්‍රේල් මාසයේ සිට ත්‍රිකුණාමල වරායෙහි රාත්‍රී මෙහෙයුම් කටයුතු සිදු කිරීමට නියමිතය. ඒ සඳහා අවශ්‍ය රේඩාර් පද්ධති මෙන්ම සෙසු යටිතල පහසුකම් ද ඉක්මනින් එහි ස්ථාපනය කරන බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

මෙම ක්‍රියාවලිය සඳහා ජපානයයෙන් බිලියන 1ක ආධාරයක් ලබා දී ඇති බව පැවසූ අමාත්‍යවරයා මෙය කඩිනම් ව්‍යාපෘතියක් ලෙස සිදු කිරීමට කටයුතු යොදා ඇති බවද සඳහන් කළේය.

ත්‍රිකුණාමල වරාය පැය 24ම මෙහෙයුම් සිදු කෙරෙන වරායක් බවට පත් කිරීමත් සමඟ එයට පැමිණෙන නැව් සංඛ්‍යාව ශීඝ්‍රයෙන් ඉහළ යනු ඇති බව කී අමාත්‍යවරයා ඒ සමඟම භාණ්ඩ ප්‍රවාහන නැව් ද වැඩි වශයෙන් ත්‍රිකුණාමල වරායට පැමිණෙනු ඇති බව සඳහන් කළේය.

ත්‍රිකුණාමල වරාය සංවර්ධන ව්‍යාපෘතියත් සමඟ ත්‍රිකුණාමල වරාය ආශ්‍රිත කලාපය අපනයන කේන්ද්‍රයක් වශයෙන් හඳුනා ගෙන වැඩිදියුණු කිරීමට කටයුතු කෙරෙනු ඇති බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

ගාලු වරායෙහි රාත්‍රි මෙහෙයුම් කටයුතු ද මේ වසර අග දී ආරම්භ කිරීමට නියමිතය. වරාය සංවර්ධනයට අමතරව ගාලු වරාය ආශ්‍රිත ප්‍රදේශය සංචාරක කලාපයක් වශයෙන් ද වැඩිදියුණු කිරීමට කටයුතු යොදා ඇති බව අමාත්‍යවරයා සඳහන් කළේය.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();