Ticker

6/recent/ticker-posts

Header Ads Widget

වතු කම්කරු වැටුප් ගිවිසුම අත්සන් කළේ වෘත්තීය සමිති හා හාම්පුතුන්ගේ එකඟතාව මතයි

Author(s): 
අනුර ප්‍රේමලාල්

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ හෝ රජයේ කිසිදු බලපෑමකින් තොරව වතු කම්කරු වැටුප් වැඩිවීම සඳහාවූ අදාළ සාමුහික ගිවිසුම අත්සන් කිරීම සිදුවූ බවත් එය වතු වෘත්තීය සමිති හා වතු හාම්පුතුන් සමඟ සිදුවූ එකඟතාවකින්ම පමණක් සිදුවූවක් බව කම්කරු හා වෘත්තීය සමිති සබඳතා ඇමැති රවීන්ද්‍ර සමරවීර මහතා ප්‍රකාශ කරයි.

ගිවිසුම අත්සන් කළේ අගමැති වික්‍රමසිංහ මහතා අභිමුවේ නොවන බවත් සිදුවූයේ එම ගිවිසුමේ පිටපතක් අගමැතිවරයා වෙතට භාරදීම පමණක් බවත් ඇමැතිවරයා කීය. එම ගිවිසුම අගමැතිවරයා තමාට බාරදුන් බවත් ඇමැතිවරයා සඳහන් කෙළේය.

ඒ මහතා මේ බව සඳහන් කළේ ඊයේ(28) එම අමත්‍යාංශයේ පැවැති වතු වෘත්තීය සමිති නියෝජිතයින් හා හාම්පුතුන්ගේ සම්මේලනයේ නියෝජිතයින් එක්ව අත්සන් කළ වතු වැටුප් වැඩිවීමේ සාමුහික ගිවිසුම ගැසට් කිරීම සඳහා කම්කරු කොමසාරිස් ජෙනරාල් ඒ. විමලවීර මහතා වෙත භාරදීමේ අවස්ථාවට එක්වෙමින්ය. එහිදී වැඩිදුරටත් කතා කළ ඇමැතිවරයා මෙසේද කීය. ... සාමුහික ගිවිසුම අත්සන් කිරීම රජය ලෙස අපටත් වතු වෘත්තීය සමිති හා හාම්පුතුන්ගේ සම්මේලනයටත් එකඟතාවකට පැමිණීමට නොහැකි යැයි පවසමින් යම් චෝදනාවක් නැගුණා. මේ සම්බන්ධයෙන් පසුගිය සති දෙකකේ දී පාර්ලිමේන්තුවේ දී හා ඉන් පිටතදීත් අපට යම් ඉල්ලීම් ලැබුණා. මේ ප්‍රශ්නයට මැදිහත් වෙන ලෙස ඉන් පසුව මේ විෂයභාර ඇමැති ලෙස මම ගිය සතියේ සිකුරාදා වැවිලි කර්මාන්ත ඇමැතිවරයාත් එකතු කරගෙන අපි දෙදනාම මැදිහත්කරුවන් ලෙස ඉදිරිපත්වී අදාළ සියලු පාර්ශ්ව කම්කරු අමත්‍යාංශයට කැඳවූවා.

එහිදී පැවැති සාකච්ඡාවේදී යම් එකඟතාවකට පැමිණෙන්න ඉකුත් සිකුරාදා හැකිවුණා. එහි ප්‍රතිඵලයක් ලෙස අද(28) පෙරවරුවේ වතුකම්කරුවන්ගේ වැටුප් වැඩිකිරීම උදෙසා සාමුහික ගිවිසුම අත්සන් කිරීම සිදුවුණා. ඒ අනුව ගැසට් කිරීම නීතිමය බලය තිබෙන කම්කරු කොමසාරිස් ජෙනරාල් ඒ. විමලවීර මහතාට එය ගැසට් කිරීමට භාරදුන්නා. මීට කලින් රුපියල් පන්සීයක්වූ වතුකම්කරුවකුගේ දෛනික වැටුප රුපියල් සීයකින් පමණයි වැඩිකළ හැක්කේ කියලා වතුසමාගම් පැවසුවා. ඉකුත් සිකුරාදා පැවැති සාකච්ඡාවේදී පැවැති ගිවිසුමට යම් සංශෝධන කිහිපයක් එකතු කරලා. මේවනවිට වතු කම්කරුවකුගේ දෛනික මූලික වැටුප රුපියල් හත්සීය දක්වා වැඩිකෙරුණා. මෙයට රුපියල් පනහක දීමනාවකුත් එකතු කරන්න එකඟවෙලා තියෙනවා. එහිදී වැටුප රුපියල් හත්සිය පනහක් වෙනවා.

මෙම සාකච්ඡාවේදී මතුවූ එක් කරුණක් නම් තේ කර්මාන්තය ඉදිරියට යෑමට නම් ඵලදායිතාව ඇති විය යුතුයි කියන එක. ඒ වෙනුවෙන් අපි හා වෘත්තීය සමිති ඉදිරිපත් කළ යෝජනාවකට හාම්පුතුන්ගේ සම්මේලනය එකඟත්වය ලබාදෙමින් වතුකම්කරුවකු දිනකදී නෙලීමට නියමිත දළු ප්‍රමාණයට අමතරව වැඩිපුර කඩන තේ දළු කිලෝ එකකට මෙතෙක් කල් ලැබුණු රුපියල් විසිපහේ දීමනාව රුපියල් හතළිහ දක්වා වැඩිකිරීමට එකඟවී තිබෙනවා. මින් පාර්ශ්ව දෙකටම ලොකු අස්වැසිල්ලක් වෙනවා. මේ කර්මාන්තය ඉදිරියට යන්න නම් වතු කම්කරුවන්ට වගේම වතු සමාගම්වලටත් යම් ප්‍රතිලාභ හිමිවිය යුතුයි. මේ දෙකම සමාන්තරව ඉදිරියට ගියොත් තමයි තේ කර්මාන්තයේ අනාගතය සුබදායි වෙන්නේ. වැඩිපුර කඩන තේ දලු කිලෝ එකකට රුපියල් හතළිහක් ලැබෙනවා කියන්නේ හොඳ ප්‍රතිලාභයක්. මීට අමතරව වෘත්තීය සමිති තව ඉල්ලීමක් මේ ගිවිසුම අත්සන් කිරීමට යම් කිසි කාලයක් ගිය නිසා වතුකම්කරුවන්ට යම් කිසි හිඟ වැටුපක් ගෙවන ලෙස. ඒ සඳහා රජය රුපියල් මිලියන සීයක් ප්‍රදානයක් ලෙස ලබාදීලා, ඉතිරි රුපියල් මිලියන පනහ ණයක් ලෙස සහනදායි ක්‍රමයකට ලබාදීමට තීරණය කර තියෙනවා. එම ප්‍රතිලාභයත් වතු කම්කරුවන්ට ඉදිරියේදී ලැබෙයි. මේ හරුණු කොට තවත් තිබෙන ගැටලු විසඳීමට වතු වෘත්තීය සමිති හා වතු හාම්පුතුන්ගේ නියෝජිතයන්ගෙන් සමන් විත කමිටුවක් පත් කොට එම කමිටුවෙන් එම ගැටලු විසඳීමේ ක්‍රමයක් හඳුන්වා දෙන්න එකඟවුණා.

බැරිවෙලාවත් මේ එකඟතාව ඇති නොවුණා නම් මගේ බලතල අනුව ක්‍රියාකරන්නයි සිටියේ. මේ ගැන පාර්ලිමේන්තුවේත් පැවසුවා. මේ ආකාරයට විසඳාගන්න හැකිවීම ගැන මම සතුටු වෙනවා.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();