Ticker

6/recent/ticker-posts

Header Ads Widget

‘සූර්ය විදුලිබල ක්ෂේත්‍රය දියුණු කිරීමට යෝජනා ලබාදෙන්න’

චමීර ඇල්ලදෙණිය

සූර්ය විදුලිබල ක්ෂේත්‍රය වැඩිදියුණු කිරීමට අවශ්‍ය අදහස් සහ යෝජනා පෙබරවාරි 15 දා වනවිට ලබාදෙන ලෙස විදුලිබල බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන ඇමැති රවී කරුණානායක මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියි.

සූර්ය විදුලිබල ක්ෂේත්‍රයට අවශ්‍ය උපකරණ දේශීය වශයෙන් නිපදවීමට පියවර ගැනීමට සහ පුද්ගලික අංශයටත් සූර්ය විදුලිබල නිෂ්පාදනයට පිවිසීමට අවස්ථා ලබාදීමටත් ඇමැතිවරයාගේ අවධානය යොමුව ඇත.

හම්බන්තොට දිස්ත්‍රික්කයේ නිරික්ෂණ චාරිකාවට එක්වෙමින් ඇමැතිවරයා මේ බව පැවසීය.

වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැති කරුණානායක මහතා,

අපි රාජ්‍ය සහ පුද්ගලික අංශයට අවස්ථාවක් දෙනවා ලංකාව තුළ සූර්ය පැනල නිෂ්පාදනය සහ බැටරි නිෂ්පාදනය කිරීම සිදුකරන්නේ කොහොමද, ඒවා ආනයනය කිරීම නවත්තලා ලංකාවේ දක්ෂ තරුණ තරුණියන්ට තමාගේ දක්ෂතාවන්ට වටිනාකමක් ලබාදෙන්නේ කොහොමද, ස්වභාවික සම්පත් අපනයනය කරන්නේ නැතිව කර්මාන්ත ඇති කරන්නේ කොහොමද කියලා පෙබරවාරි 15 දා වනවිට අපට යෝජනා ලබාදෙන්න කියලා. සියලු දෙනාගේ බුද්ධිය තුළින් පෙබරවාරි 15 වනවිට අපිට එම යෝජනා ලබාදීම තුළින් අපව ඒ පිළිබද දැනුවත් කරන්න හැකිවේවි කියලා මම හිතනවා. ඒ යෝජනා සහ අදහස් මත සූර්ය විදුලිබල නිෂ්පාදනය සම්බන්ධයෙන් රට වෙනුවෙන් සකස් කරන්න අවශ්‍ය ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳව අපට සාකච්ඡා කරලා තීන්දු තීරණ ගන්න හැකිවේවි යැයි විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන ඇමැති රවී කරුණානායක මහතා පැවසීය.

ඇමැතිවරයා මේ අදහස් පළකළේ පසුගියදා හම්බන්තොට දිස්ත්‍රික්කයේ සූර්ය විදුලිබල නිෂ්පාදනයේ වර්තමාන තත්ත්වය, ඒ සඳහා බලපානු ලබන ගැටලු සහ ගතයුතු නව ක්‍රියාමාර්ග පිළිබඳව නිරීක්ෂණය කිරීම සදහා පැවති චාරිකාවකට එක්වෙමිනි. මෙහිදී හම්බන්තොට බර්ඩ්පාර්ක් සූර්ය විදුලිබල ව්‍යාපෘතිය ඇමැතිවරයාගේ විශේෂ නිරීක්ෂණයට යොමුවිය.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();