Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ඉකුත් වසරේ දී කුඩා තේ වතුවලින් මි. 144,000ක විදේශ විනිමයක්

Author(s): 
චන්ද්‍රිකා පෙරේරා

කුඩා තේ වතු සංවර්ධනය සඳහා ආණ්ඩුව ගත් පියවරින් ඉකුත් වසරේ දී පමණක් රුපියල් මිලියන එක්ලක්ෂ හතළිස් හතර දහසක විදේශ විනිමයක් උපයා තිබේ. කුඩා තේ වතු නිෂ්පාදකයන් දිරිමත් කරමින් ඒ අයගේ ආර්ථික ශක්තිය නැංවීම සඳහා ආණ්ඩුව තේ වගාවට පොහොර සහනාධාරය 2016 සිට 2018 වසරේ මුල් කාර්තුව දක්වා කාලයේ දී පමණක් රුපියල් මිලියන 2216ක මුදලක් ලබා දී ඇත. එය සෘජුවම කුඩා තේ වතු හිමියන්ගේ බැංකු ගිණුම්වලට බැර කෙරිණි.

මේ අනුව නිසි ඵලදාවක් ලබා ගැනීමට හැකිවන පරිදි කුඩා ප්‍රමාණයේ තේ වතුවල වගා සංවර්ධන කටයුතු සඳහා කුඩා තේ වතු සංවර්ධන අධිකාරිය මගින් එම තේ වතු හිමියන් වෙත වගා සහනාධාර ලෙස මුදල් ලබා දීමට පියවර ගෙන ඇති අතර, ඒ අනුව 2016 වසරේ සිට 2018 දක්වා වසර තුනේ දී පමණක් නව ඉඩම් අක්කර 8359ක තේ අලුතින් වගා කර ඇති බව කුඩා තේ වතු සංවර්ධන අධිකාරියේ සභාපති විජේරත්න දෙවගෙදර මහතා පැවසීය.

මේ අනුව තේ නැවත වගාකිරීම, වගා නොකළ ඉඩම්වල අලුතෙන් වගා කිරීම සහ පවතින තේ ඉඩම්වල පාලු සිටුවීම (වගා පුනරුත්ථාපනය) ඇතුළු තේ වගා සංවර්ධනය සඳහා කුඩා තේ වතු හිමියන්ට සහනාධාර ලෙස මුදල් දීමට පියවර ගෙන ඇත.

තේ වගාවේ අනාගත පැවැත්ම සුරක්ෂිත කිරීම සඳහා මෙම පියවර ගත් බවද මේ වන විට සමස්ත තේ නිෂ්පාදනයෙන් 75.5% ක් වාර්ෂිකව නිපදවන්නේ කුඩා තේවතුවලින් බවද විජේරත්න මහතා සඳහන් කෙළේය.

ඒ අනුව මෙම තේවතු වලින් පසුගිය වසරවල දී වාර්ෂිකව රුපියල් මිලියන එක්ලක්ෂ හතළිස් හතර දහසක මුදලක් විදේශ විනිමය උපයා දෙමින් තේ කර්මාන්තයට වැඩි දායකත්වයක් සපයා ඇති බවද පෙන්වා දුන්නේය.

මේ අනුව ආර්ථිකය නැංවීමේ ප්‍රධාන පියවරක් ලෙස ආණ්ඩුව ක්‍රියාවට නැංවූ තේ සංවර්ධන සැලසුම අනුව 2016 වර්ෂයේ තේ ඉඩම් අක්කර 2153ක් ද 2017 වර්ෂයේ තේ ඉඩම්අක්කර 2459 ක් හා 2018 වර්ෂයේ තේ ඉඩම් අක්කර 3747 ක් ලෙස පසු ගිය වසර තුනේ දී පමණක් නව තේ ඉඩම් අක්කර 8359ක් තේ නිෂ්පාදනය වෙත අලුතෙන් එක්කර ඇති අතර, වර්ෂ 2017 වර්ෂයේ දී ඇති වූ ගංවතුර ආපදාව හේතුවෙන් ගාල්ල, මාතර, රත්නපුර සහ කළුතර යන දිස්ත්‍රික්කවල කුඩා තේ ඉඩම්වලට සිදුවූ හානිය වෙනුවෙන් කුඩා තේ වතු හිමියන් 12022ක ප්‍රමාණයක් සඳහා රුපියල් මිලියන 228ක මුදලක් කුඩා තේ වතු සංවර්ධන අධිකාරිය මගින් ගෙවා ඇති බව දෙවගෙදර මහතා පැවසීය.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();