Ticker

6/recent/ticker-posts

Header Ads Widget

අසිසීසී ක්‍රිකට් සම්මාන 2018

26 ජනවාරි, 2019

ගෙවීගිය වසරේ අන්තර්ජාතික ක්‍රිකට් පිටියේ හොඳ ම විනිසුරුට හිමි සම්මානය දිනා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් විනිසුරු කුමාර් ධර්මසේන සමත්වී තිබේ.

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය 2018 වසරේ ක්‍රිකට් සම්මාන දිනා ගත් ක්‍රීඩකයන් හා විනිසුරුවරයා නම් කිරීමේදී වසරේ හොඳ ම විනිසුරුවරයා ලෙස කුමාර් ධර්මසේන නම් කර තිබේ.

මීට පෙර 2012 වසරේ ද කුමාර් ධර්මසේන මෙම සම්මානය දිනා ගත් අතර ඒ අනුව ඔහු හොඳ ම විනිසුරු සම්මානය දිනා ගත් දෙවන අවස්ථාව මෙය වේ.

ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ කණ්ඩායම් නායකයන් සහ තරග තීරකවරුන් විසින් ජන්දයකින් හොඳ ම විනිසුරු තෝරාගනු ලැබේ.

ඒ අනුව ලෝක ක්‍රිකට් නායකයන්ගේ සහ තරග තීරකවරුන්ගේ වැඩි ම කැමැත්ත හිමිව තිබෙන්නේ, ශ්‍රී ලංකාවේ කුමාර් ධර්මසේනටයි.

"මම පළමුව මේ සම්මානය දිනාගෙන වසර 6කට පසු නැවත මෙම සම්මානය ලැබුණා, මෙය මා කැමති රාජකාරිය තවදුරටත් සතුටින් කරගෙන යන්න මාව දිරිමත් කරාවි, " සම්මානය ගැන කුමාර් ධර්මසේන අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිල වෙබ් අඩවියට පවසා තිබිණි.

1996 වසරේ ක්‍රිකට් ලෝක කුසලානය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ පුරෝගාමී සාමාජිකයකු වූ කුමාර් ධර්මසේන, ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම යාමෙන් පසු ක්‍රිකට් විනිසුරුවරයකු ලෙස සේවයට එක්විය.

මෙම සම්මානයට අමතරව අන්තර්ජාතික ටෙස්ට් සහ එක්දින පිටියේ වසරේ කණ්ඩායම නම් කිරීම ද සිදුවිය.

එක්දින කණ්ඩායමේ ශ්‍රී ලංකා නියෝජනයක් නොතිබූ නමුත් ටෙස්ට් කණ්ඩායමේ ආරම්භක පිතිකරු ලෙස තෝරාගෙන තිබුණේ, ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්නයි.

ඉන්දීය කණ්ඩායමේ නායක විරාට් කෝලි වසරේ ක්‍රිකට් ක්‍රීඩකයා, වසරේ එක්දින ක්‍රීඩකයා සහ වසරේ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයා යන සම්මාන තුන ම දිනා ගැනීම වැදගත් සිදුවීමක් විය.



from silumina

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();