Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ජල ක්‍රීඩා සංගමයේ ඡන්දයට නිලවරණ කමිටුව පත් කිරීම 12දා

Author(s): 
ප්‍රින්ස් ගුණසේකර

ශ්‍රී ලංකා ජල ක්‍රීඩා සංගමයේ නිලවරණය පැවැත්වීම උදෙසා නිලවරණ කමිටුව පත් කර ගැනීමේ විශේෂ මහා සභා රැස්වීම ලබන මස 12 වැනිදා පැවැත්වීමට ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව තීරණය කරයි. ඒ අනුව එදින ක්‍රීඩා අමාත්‍යාංශ ඩන්කන් වයිට් ශ්‍රවණාගාරයට පෙරවරු 10.00ට පැමිණෙන ලෙස ජල ක්‍රීඩා සංගමයේ සියලුම අනුබද්ධ සංගම් වෙත දැනුම්දීමට සූදානම් වේ.

ජල ක්‍රීඩා සංගමය මේ වනවිට ජාත්‍යන්තර තහනමකට ලක්ව ඇති අතර අනුබද්ධ සාමාජිකයන් එක්ව නිලධාරී මණ්ඩලයක් පත්කළ පසු තහනමෙන් මිදීමේ අවස්ථා උදාවේ. ජල ක්‍රීඩා සංගමය නිලවරණය පැවැත්වීමට සූදානම් වෙද්දී ක්‍රීඩා අමාත්‍යාංශය මගින් එය අත්හිටුවා අතුරු කමිටුවක් ගැසට් කිරීමෙන් පසු ලෝක ජල ක්‍රීඩා සංගමය තහනමක් පැනවිය.

හිටපු ක්‍රීඩා ඇමැති ජනාධිපති නීතීඥ ෆයිසර් මුස්තාපා මහතාගේ නියෝගයෙන් ශ්‍රී ලංකා ජල ක්‍රීඩා සංගමය විසුරුවා අතුරු කමිටුවක් ගැසට් කිරීමට සියල්ල සූදානම් වෙද්දී එම සංගමය නිලවරණයට සූදානම් වුණි. නිලවරණ කමිටුව පත්කර ගැනීමේ විශේෂ මහා සභා නිවේදනය ද සාමාජික සංගම් වෙත යවා තිබිණි. ජල ක්‍රීඩා සංගමය තම සාමාජිකයන් වෙත යවන ලද නිලවරණ නිවේදනයේ සඳහන් වූයේ දෙසැම්බර් මස 20 වැනිදා ජාතික ඔලිම්පික් කමිටු නිවහනේදී නිලවරණය පැවැත්වීමට කටයුතු යොදා ඇති බවය.

සංගමය හා අමාත්‍යාංශය යන පාර්ශ්ව දෙක ජල ක්‍රීඩා පරිපාලනය සම්බන්ධ ස්ථාවර දෙකක් දරද්දී ලෝක ජල ක්‍රීඩා සංගමය ශ්‍රී ලංකාවට තහනමක් පැනවීමට තීරණය කළ බව ජල ක්‍රීඩා සංගමයේ හිටපු නිලධාරියෙක් ‘දිනමිණ’ ට පැවැසීය. ඒ සමගම ඉන්දියාවේ නවදිල්ලි හී පැවැත්වීමට නියමිතව තිබූ දකුණු ආසියා පිහිනුම් ශූරතාවලිය ද ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අහිමිවී ගියේය.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();