උදාවන නව වසරේ එලිසබෙත් මහ රැජන විසින් පිරිනමනු ලබන නයිට් නාම ලැයිස්තුවට එංගලන්ත පිලේ හිටපු නායක ඇලෙස්ටෙයාර් කුක් නම් කර තිබේ. සෑම වසරකදීම මහ බ්‍රිතාන්‍ය යේ හිටපු විශිෂ්ටතම පුද්ගලයන්ගෙන් තෝරාගත් පිරිසක් ලැයිස්තුගත කරමින් නයිට් නාම පිරිනැමීම සිදුකෙරෙන අතර මෙවර එම ලැයිස්තුවට කුක් සමග එංගලන්ත රග්බි පිලේ හිටපු නායක බිල් බියුමොන්ට්ද ඇතුළත් වී සිටී. එරට ප්‍රිමියර් ලීග් පාපන්දු තරගාවලියේ සභාපති රිචර්ඩ් ස්කඩ්මෝර්, එංගලන්ත නෙට්බෝල් ක්‍රීඩිකා ගේවා මෙන්ටර් සහ ලෝක කර්ලින් හිම ක්‍රීඩා සම්මේලනයේ සභාපති කේට් කේත්නස් ද මේ ලැයිස්තුවට ඇතුළත් වෙති.
වසර 2006දී ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට එක්වූ කුක් වසර 2007දී ඉයන් බෝතම් නයිට් නාමයෙන් පිදුම් ලැබීමෙන් පසුව එම ගෞරවනීය නාමය ලැබු පළමු එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩකයා ද වේ.
34 හැවිරිදි මේ වමත් පිතිකරුවා පසුගියදා ක්‍රීඩාවෙන් විශ්‍රාම ගියේ ටෙස්ට් ලකුණු 12,472ක් සහ ටෙස්ට් ශතක 33ක් වාර්තා කිරිමෙන් පසුවය. එම කඩඉම් දෙකම වාර්තා බවට පත්විය.
වාර්තාගත ටෙස්ට් ජයග්‍රහණ 59කට එංගලන්තය රැගෙන ගිය කුක් එංගලන්තයෙන් බිහිවූ විශිෂ්ටතම නායකයකු සහ පිතිකරුවකු වේ. ඉදිරියේදී ඔහු ශ්‍රීමත් ඇලෙස්ටෙයාර් කුක් ලෙසින් හඳුන්වනු ලබයි.
0 Comments