Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ජනාධිපතිතුමනි දූෂණයට වැට බදින්න පෙරට එන්න – පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය.

National_Movement _for_Consumer_Rights_Protectionin

අල්ලසට දූෂණයට වැට බදින්න පෙරට එන ජනාධිපතිතුමා ජනතාවට ආරාධනා කළද ජනතාව විසින් හෙළිදරව්කරන ලද වංචා දූෂණ පිළිබදව නිසි පියවර ගැනීමට ජනාධිපතිතුමා පෙරට නොපැමිණිම  විශාල ගැටලුවක් බව  පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

එම සම්පූර්ණ නිවේදනය පහතින්,

ජනාධිපතිතුමනි දූෂණයට වැට බදින්න පෙරට එන්න.

අද පැවැති උත්සවයකදී අල්ලසට දූෂණයට වැට බදින්න  පෙරට එන ජනාධිපතිතුමා ජනතාවට ආරාධනා කළද ජනතාව විසින් හෙළිදරව්කරන ලද වංචා දූෂණ පිළිබදව නිසි පියවර ගැනීමට ජනාධිපතිතුමා පෙරට නොපැමිණිම අප සංවිධානයට ඇති විශාල ගැටලුවකි. මන්ද යත් අප විසින් දිගින් දිගටම වංචා දූෂණ හෙළි කලද ඒවා පිළිබදව සොයා බලා නිසි පියවර ගැනීම සදහා ජනාධිපතිතුමා මෙතෙක් කටයුතු කර  නැත.

අප විසින් හෙළිදරව් කරන ලද ආසන්නම වංචාව හා දූෂණය වූයේ ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ පිරිගණක ජාල ගත කිරීම සදහා වන ටෙන්ඩරයයි.

එම ටෙන්ඩරය සදහා  2016 වසරේ අගෝස්තු මස අංක NSB/CAPC/ITS/NCB/2016/001 යටතේ ටෙන්ඩර්පත් කැදවා තිබුණි.  මෙම ටෙන්ඩරය දූෂීත ලෙස සුදුසුකම් නොමැති සමාගමක් වෙත ලබා දීමට සූදානමක් ඇත.

එම ටෙන්ඩරය සදහා වන තාක්ෂණික කමිටුවේ සමාජිකයින් තුන් දෙනෙකු හට කිසිදු තාක්ෂණික සුදුසුකමක් නොමැත. එම තුන්දෙනා සේවය කරන්නේ ද ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ මය. ජනාධිපතිතුමනි ඔබට මේ රටේ දූෂණය නැවැත්වීම සදහා අවංක උවමනාවක් ඇත්නම් මෙම ටෙන්ඩරය පිළිබදව සොයා බලන්න.

ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ කූට නිළධාරිවරැනි ඔබේ වෙළද දැන්වීමට අපේ හඩ නිහඩ කිරීමට උත්සහකලද මෙම මෙම දූෂිත ටෙන්ඩරය අදාල සමාගමට ලබා දුන හොත් අප විසින් අධිකරණයේ පිහිට පතන බවද මතක් කරන අතර අප විසින් එවනි දූෂීත ටෙන්ඩරයක් වන කෙලවරපිටිය විදුලිබලාගාරයට එරෙහිව මේ වන විට අධිකරණයේ නඩු පවරා ඇති බවද තවදුරටත් මතක් කරමි.

මෙයට, විශ්වාසි

 රංජිත් විතානගේ – සභාපති

 පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය

 

 

 

The post ජනාධිපතිතුමනි දූෂණයට වැට බදින්න පෙරට එන්න – පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();