මොරටුව ක්‍රීඩා - ඩිල්වින් මෙන්ඩිස්
කෞමාල් නානායක්කාරගේ විශිෂ්ට පන්දු යැවීම හේතුවෙන් කොළඹ ඩී. එස්. සේනානායක විදුහල සමග මත්තේගොඩ පැවැති අන්තර් පාසල් අවුරුදු 19න් පහළ ක්‍රිකට් තරගයෙන් ඉනිමක සහ ලකුණු 101ක පහසු ජයක් අත්කර ගැනීමට මොරටුව වේල්ස් කුමර විදුහල සමත් විය.
තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඩී.එස්. පිල ලකුණු 101කට සීමාකළ වේල්ස් කුමරුවෝ පළමු ඉනිමට ලකුණු 271ක් රැස් කළහ. ඩී.එස්. පිලට දෙවැනි ඉනිමේදී ලබාගත හැකිවූයේ ලකුණු 69ක් පමණි.
ඩී.එස් විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ වේල්ස් කුමර විදුහලේ දඟ පන්දු යවන කෞමාල් නානායක්කාර ඉනිම දෙකේදීම ලකුණු 53කට කඩුලු 11ක් (27/5 සහ 26/6) දවා ගැනීමට සමත් වූ අතර ලකුණු 35ක් ද වාර්තා කළේය. ඩී.එස් පිල වෙනුවෙන් අමිත දාබරේ (63) සහ වේල්ස් කුමරය වෙනුවෙන් දේවක පීරිස් (61) අර්ධ ශතක රැස් කළහ.
ඩී. එස. පළමු ඉනිම - 101. අමිත දාබරේ 63 (කෞමාල් නානායක්කාර 27/5, ලක්ෂාන් පෙරේරා 3/2, සුහත් මෙන්ඩිස් 16/2) සහ දෙවැනි ඉනිම - 69. මුදිත ලක්ෂාන් 28 (කෞමාල් නානායක්කාර 26/6, සුහත් මෙන්ඩිස් 29/4)
වේල්ස් කුමර පළමු ඉනිම - 271. දේවක පීරිස් 61, කාවින්ද දිල්ශාන් 38, කෞමාල් නානායක්කාර 35, සුවත් මෙන්ඩිස් 34, විනූජ රන්පුල් 31 (මෙතු ෂානකුමාර 66/4, චමත් යටවර 31/3)
0 Comments