ගීෂා මුණසිංහ
වසර 1998දී ගාලු පුරවරයෙන් ආරම්භ වී වසරින් වසර විශාල ප්‍රගතියක් අත්පත් කරගත් ජාත්‍යන්තර මලල ක්‍රීඩා සම්මේලනයේ (IAAF) හා මැරතන් සහ දිගුදුර ධාවන තරඟ සංගමයේ (AIMS) පූර්ණ සාමාජීකත්වය ලැබූ ජාත්‍යන්තර මැරතන් තරගාවලිය වන “කලම්බු මැරතන්” තරගයේ පළමු වතාවට ප්‍රවීණ මාධ්‍යවේදියකු වෙනුවෙන් කුසලානයක් වෙන් කිරීමට සංවිධායක මණ්ඩලය කටයුතු කළේය.
මීගමුව වෙරළ තීරයෙන් පසුගියදා නිමාවට පත්වූ මේ තරගාවලියේ වසර 18ක ඉතිහාසයේ අඛණ්ඩව වසර 17ක්ම මාධ්‍ය ආවරණ කටයුතුවල නිරතව මීට මාස කිහිපයකට පෙර ජීවිතයෙන් සමුගත් ප්‍රවීණ ක්‍රීඩා මාධ්‍යවේදි සුනිල් අබේවර්ධන මහතා වෙනුවෙන් පිරිනමනු ලැබුවේ කිලෝමීටර් 10 තරගයේ ජයග්රාහකයාට ලබාදුන් කුසලානයයි.
වසර ගනනාවක් සීමාසහිත එක්සත් ප්රවෘත්ති පත්‍ර සමාගමේ (ලේක් හවුස්) ප්රකාශනයක් වු ‘ක්‍රීඩා‘ සඟරාවේ මාධ්‍යවේදියකු හා නියෝජ්‍ය කර්තෘවරයකු ලෙස සේවය කළ සුනිල් අබේවර්ධන මහතා මෙලෙස ඇගැයීමට පාත්‍ර කිරීම ගුණ සුවඳ දත් මිනිසුන්ගේ යුතුකමක් ඉටු කරලීමකි.
ශ්‍රී ලංකා ස්පෝට්රයිසන් ආයතනයේ සභාපති තිලක් වීරසිංහ මහතාගේ අදහසකට අනුව මේ මහඟු කර්තව්‍ය සිදු කරනු ලැබීය.
සුනිල් අබේවර්ධන අනුස්මරණ පිරිමි කුසලානය කිලෝමීටර් 10 තරගය ජයගත් එච්.එම්.ඊ. යු. බී. හේරත්ට පිරිනැමිණි. තරගය ජයගැනීමට ඔහුට වැය වූ කාලය මිනිත්තු 33කුත්, තත්පර 37කි.
මෙහි කාන්තා කුසලානය කේ. දීපිකා ප්රේමමාලි විසින් දිනාගනු ලැබුවේ මිනිත්තු 47කුත් තත්පර 15කින් තරගය නිමා කිරීමෙනි.
වසර ගනනාවක් කොළඹ සිට මීගමුවට පැවැති “කලම්බු මැරතන්” තරගාවලියේ මෙවර තරගය වත්තල හේකිත්ත පසුකරන තරග කරුවන් කිලෝමීටර් 10 අවසන් කළේ සුනිල් අබේවර්ධන මහතා පදිංචිව සිටි ප්‍රදේශයෙනි.
පිරිමි තරගයේ කිලෝ මිටර් 10 අවසන් කළ දෙවැන්නා වුයේ එල්.පී.පී.පී. අමරසිරිය. ඔහු වැය කළ කාලය මිනිත්තු 35කුත් තත්පර 02කි. ජී.එම්. ප්‍රදීප් කුමාර මල්ගම්මන මිනිත්තු 35කුත් තත්පර 06කින් තරගය නිමාකර තෙවැන්නා බවට පත්විය.
කිලෝමීටර් 10 කාන්තා තරගයෙන් ඩබ්ලිව්. පී.ඩී.එම්. ඊ. කේ. කුමාරී මිනිත්තු 49කුත් තත්පර 24කින් තරගය නිමා කරමින් දෙවැන්නා වු අතර බ්‍රිතාන්‍ය නියෝජනය කළ ලෝලා වෝලස් මිනිත්තු 50කුත් තත්පර 21කින් තරගය නිමා කරමින් තෙවැන්නා බවට පත්වූවාය.
“කලම්බු මැරතන්” ප්රවීණයන්ගේ පිරිමි තරගය ජයගැනීමට කේ.ඒ. සුනිල් ප්‍රේමරත්න සමත් වු අතර ඔහු වාර්තා කළ කාලය පැය 3කුත්, මිනිත්තු 28ක් සහ තත්පර 58කි. දෙවැන්නා වු එස්. ෂෙල්ටන් සේනාසිංහ පැය 3 කුත්, මිනිත්තු 32ක් සහ තත්පර 38කින් තරග නිමාකරමින් දෙවැන්නා වු අතර පැය3කුත්, මිනිත්තු 51ක් සහ තත්පර 35කින් තරගය නිමා කළ ප්රින්ස්ලී ලියනගේ තෙවැන්නා විය.
පැය1කුත්, මිනිත්තු 24ක් සහ තත්පර 24කින් තරගය නිමා කළ සඳනාම චන්ද්‍රකුමාර අර්ධ මැරතන් තරගයේ ප්රවිණයන්ගේ තරගයෙන් ජයගත් අතර පැය1කුත්, මිනිත්තු 25ක් සහ තත්පර 26කින් තරගය නිමා කළ එන්.ඩි. උදය ශාන්තසිරි දෙවැන්නා විය. අනිල් ප්‍රනාන්දු පැය1කුත්, මිනිත්තු 29ක් සහ තත්පර 37කින් තරගය නිමා කරමින් තෙවැන්නා විය.
විනෝදාත්මක (FUN RUN) කිලෝමීටර් 5 පිරිමි තරගයෙන් තරිඳු ධනුෂ්ක ජයගත් අතර ජී.වී. කවිෂ්ක එරංග දෙවැන්නා ද කේ.කේ. එම්.ඩී.කේ. විජේරත්න තෙවැන්නාද විය. එහි කාන්තා තරගය එච්.ඉරේෂා සඳරේණු ප්‍රනාන්දු ජයගත් අතර එච්.ඒ. ගීත්මී සංජනා දෙවැන්නාද කේ.ඒ.එච්. කාංචනා ප්‍රබෝදිනී තෙවැන්නාද විය.
එහි බාලක තරගයෙන් ජයගත්තේ ජේ.ඒ.එම්. මදුසංඛය. දෙවැන්නා ලෙස එස්.එම්. සංජීව පුෂ්පකුමාර තරගය නිමා කළ අතර ඉමේෂ් චාරුකු තෙවැන්නා විය.
ඩබිලිව්.ටී.ප්රසලිකා මධුවන්ති බාලිකා තරගයෙන් ජයගත් අතර ලිශාන් ද සිල්වා දෙවැන්නාද, කේ.පී. දුලාන්ජලී දිලුක්ෂි තෙවැන්නාද විය.
රටවල් 45ක තරගකරුවන් 500ක් සමග මෙරට මැරතන් තරගකරුවන් 6000 ක් පමණ සහභාගී වු 18 වැනි කලම්බු මැරතන් තරගාවලියේ ජයග්‍රාහකයන්ට පිරිනැමුණු සමස්ත තෑගි මුදල රුපියල් මිලියන 2.5 කි. එමෙන්ම තරගකරුවන්ට රක්ෂණාවරනයක් සහ වෛද්‍ය පහසුකම්ද ලබා දී තිබිණි.
සංචාරක අමාත්‍යාංශයේ අනුග්‍රාහය ඇතිව සංවිධාන කළ කලම්බු මැරතන් තරගයේ තාක්ෂණය, විනිශ්චය හා අධීක්ෂනය ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය විසින් දරන ලදී. නීතිය හා සාමය අමාත්‍යාංශය, බස්නාහිර පළාත් සභාව, මීගමුව නගර සභාව සත්කාරකත්වයෙන් දායක විය.
ඡායාරූප - ගීෂා මුණසිංහ
0 Comments