Ticker

6/recent/ticker-posts

Header Ads Widget

අවසන් දිනයේ ඉන්දිකගෙන් රිදී පදක්කමක්

Author(s): 
ප්‍රින්ස් ගුණසේකර

ආසියානු ක්‍රීඩා උළෙලේ මලල ක්‍රීඩා අවසන් දිනයේදී පාදයක් අහිමිවීම හෝ පාදයේ දිග වෙනස්වීම (T44, T62/64) මත වර්ගීකරණයවූ දුර පැනීමේ අවසන් තරගයේදී හා ගාමිණී නුවන් ඉන්දික මීටර් 6.09ක දක්ෂතාවකින් රිදී පදක්කම දිනා ගනියි. මේ අනුව ශ්‍රී ලංකාව මෙවර ආසියානු පැරා ක්‍රීඩා උළෙලේදී රන් පදක්කම් 4ක්, රිදී පදක්කම් 6ක් හා ලෝකඩ පදක්කම් 4ක් හිමි කරගෙන රටවල් 43කින් 14වැනි ස්ථානයේ පසුවෙයි. එය පසුගිය ආසියානු ක්‍රීඩා උළෙලට වඩා ශ්‍රී ලංකාව පදක්කමකින් ඉදිරියෙන් සිටීමකි. වසර 2104 ඉන්චියොන් ආසියානු පැරා ක්‍රීඩා උළෙලේදී ශ්‍රි ලංකාව පදක්කම් 14ක් දිනා තිබිණි.

පාදයක් අහිමිවීම හෝ පාදයේ දිග වෙනස්වීම (T44, T62/64) මත වර්ගීකරණයවූ දුර පැනීමේ අවසන් තරගයට එක්වූ දුමීර මධුරංග මීටර් 5.93කින් හයවැනි ස්ථානයට පත්විය.

රිදී පදක්කම දිනාගත් ගාමිණී නුවන් ඉන්දික ඇඹිලිපිටිය ප්‍රදේශයේ පදිංචි අතර වසර 2009දී පුදුකුඩිඉරිප්පු කලපුව අසලදී ත්‍රස්ත වෙඩි ප්‍රහාරයකින් පාදයක් අහිමි වූවෙකි. ශ්‍රී ලංකා යුද හමුදාවේ පාබල හමුදාවේ සිට රට දැය සුරැකීමට ඉදිරියට පැමිණි වීරෝධාර සෙබලෙකු ලෙස කළ සේවය මෙන්ම මේ ජයග්‍රහණයද තම ජීවිතය වෙනස් කළ සිදුවීමක් බව ‘දිනමිණ‘ ට පැවැසීය. ඇඹිලිපිටිය හාවිටිය ධර්මපාල මහා විදුහලෙන් අධ්‍යාපනය හැදෑරූ හෙතෙම පාසල් කාලයේ සිටම මලල ක්‍රීඩාවට හා වොලිබෝල් ක්‍රීඩාවට එක සේ දස්කම් දැක්වූවෙකි.

අද මෙම තෙවැනි ආසියානු පැරා ක්‍රීඩා උළෙල අද ජාකර්තා ගෙලෝරා බන්ග් කාර්නෝ ක්‍රීඩා සංකීර්ණයේදී නිමා කිරීමට සියල්ල සැලසුම් කොට ඇත.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();