Ticker

6/recent/ticker-posts

Header Ads Widget

චරිත් කපුකොටුවගෙන් නව තරග වාර්තාවක්

Author(s): 
නිරෝෂාන් ප්‍රියංකර

පොළොන්නරුව ජාතික ක්‍රීඩා සංකීර්ණයේ පැවැත්වෙන 44 වැනි ජාතික මහා ක්‍රීඩා උළෙලේදී මිටිය විසි කිරීමේ ඉසව්වෙන් නව තරග වාර්තාවක් බිහි කිරීමට වයඹ පළාතේ චරිත් කපුකොටුව සමත් විය.

ඔහු විසින් බිඳ දැමුවේ 2014 වසරේ මීටර් 49.69කින් තබා තිබූ වාර්තාවය. ඊයේ මීටර් 50.86ක දක්ෂාතාවක් දැක්වීමට කපුකොටුව සමත්වූ අතර 2015 වසරේ සිට ඔහු ශ්‍රී ලංකා වාර්තාවට (මී.52.53) ද හිමිකම් කියයි. එම ඉසව්වේ රිදී පදක්කම මී.46.97ක දක්ෂාතවක් සමගින් දකුණු පළාතේ සිසිර කුමාර හිමිකරගත් අතර උතුරු මැද පළාතේ ජී.එස්.ආර්.කුමාරසිරි (මී. 46.84) ලෝකඩ පදක්කම සතුකර ගත්තේය.

යගුලිය විසිකිරීමේ කාන්තා ශ්‍රී ලංකා වාර්තාවට හිමිකම් කියන තාරිකා කුමුදුමාලිට ඊයේ වාර්තා කළ හැකිවූයේ මී.14.59ක දුරක් පමණි. එමෙන්ම උස පැනීමේ ශ්‍රී ලංකා වාර්තාවට හිමිකම් කියන මංජුල කුමාරට (මී.2.27) මෙන්ම දුර පැනීමේ ශ්‍රී ලංකා වාර්තාවට හිමිකම් කියන අමිල ජයසිරිටද (මී.8.15) තම වාර්තා අබිබවා යෑමට ඊයේ අවස්ථාවක් හිමි නොවුණි. මංජුල කුමාර මී.2.21ක උසකින් රන් පදක්කම සතුකරගත් අතර දුර පැනීමේ ක්‍රීඩක අමිල ජයසිරිට රිදී පදක්කම හිමිවිය. එහි රන් පදක්කම ජානක ප්‍රසාද් දිනා ගත්තේ මී.7.81කිනි.

මලල ක්‍රීඩා ඉසව් ආරම්භ කරමින් ඊයේ පෙරවරුවේ පැවැති මීටර් 10000 පිරිමි ඉසව්වේ ආධිපත්‍ය පැතිරවීමට මධ්‍යම පළාත සමත්වූයේ මුල් ස්ථාන තුනම දිනා ගනිමිනි. මෙහි විශේෂත්වය වූයේ 2011 වසරේ සිට වසර 6ක් පිට පිට එම ඉසව්ව ජයගත් ලයනල් සමරජීව දෙවැනි ස්ථානයට ඇද දැමීමට කුමාර් ශන්මුගේෂ්වරන්ට හැකි වීමය. ඔහු තරගය නිමා කිරීමට විනාඩි 30 තත්පර 49.99ක කාලයක් වාර්තා කළ අතර සමරජීවට විනාඩි 30:57.95ක කාලයක් ගත විය. තෙවැනි ස්ථානය ජේ.කේ.බණ්ඩාර (31:22.95) සතු විය.

බස්නාහිර පළාතේ සචිනි කෞෂල්‍යා මීටර් 3.20ක උසක් වාර්තා කරමින් කාන්තා රිටි පැනීමේ රන් පදක්කම දිනාගත් අතර මධ්‍යම පළාතේ කේ.ඒ.සී.කේ.කොඩිතුවක්කු සහ උතුරු පළාතේ සී.හෙරීනා මී.3.00ක සම දක්ෂතා දැක්වූහ. මීටර් 5000 කාන්තා ඉසව්වේ රිදී පදක්කම දිනා ගැනීමට සබරගමුව පළාතේ නිලානි රත්නායක සමත්වුවද 2015 වසරේ සිට ජාතික ක්‍රීඩා උළෙල වාර්තාව (වි.16:50.67) සතු කරගෙන සිටින ඇයට එය අබිබවා යෑමට නොහැකි වූවාය. ඊයේ ඇය වාර්තා කළ කාලය වි.17:18.70කි.

අද (13) රිටි පැනීම පිරිමි, මීටර් 800 කාන්තා/පිරිමි, උස පැනීම සහ කවපෙත්ත විසි කිරීම කාන්තා, තුන් පිම්මා කාන්තා, හෙල්ල විසිකිරීම කාන්තා, යගුලිය පිරිමි සමගින් මීටර් 100 කාන්තා පිරිමි සහය දිවීමේ අවසන් තරග පැවැත්වීමට නියමිතය. හෙට ක්‍රීඩා උළෙල නිමාවට පත්වන අතර එදින අවසන් තරග ඉසව් 16ක් පැවැත්වේ.

පළමු දිනයේ තරග ප්‍රතිඵල

මී. 10000 පිරිමි: 1.කුමාර් ශන්මුගේෂ්වරන් වි.30:44.99 (මධ්‍යම), 2.ලයනල් සමරජීව වි.30:57.95 (මධ්‍යම), 3.ජේ.කේ.බණ්ඩාර වි.31:22.94 (මධ්‍යම)

මී. 5000 කාන්තා: 1.නිලානි රත්නායක වි.17:18.70 (සබරගමුව), 2.ඒ.එන්.ලංකා වි.17:32.37 (සබරගමුව), 3.ශ්‍යාමලී අනුෂා වි.17:52.96 (ඌව)

රිටි පැනීම කාන්තා: 1.සචිනි කෞෂල්‍යා මී.3.20 (බස්නාහිර), 2.කේ.ඒ.සී.කේ.කෙඩිතුවක්කු මී.3.00 (මධ්‍යම), 2.සී.හෙරිනා මී.3.00 (උතුර)

මිටිය විසිකිරීම පිරිමි: 1.චරිත් කපුකොටුව මී.50.86 (වයඹ), 2.සිසිර කුමාර මී.46.97 (දකුණ), 3.ඩබ්.ජී.එස්.ආර්.කුමාරසිරි මී.46.84 (උතුර මැද)

දුර පැනීම පිරිමි: 1.ජානක ප්‍රසාද් විමලසිරි මි.7.81 (මධ්‍යම), 2.අමිල ජයසිරි මි.7.56 (වයඹ), 3.එම්.අයි.එම්.මිෆ්රාන් මී.7.34 (නැඟෙනහිර)

යගුලිය කාන්තා: 1.තාරිකා කුමුදුමාලි මී.14.59 (බස්නාහිර), 2.එම්.එන්.ඩී.මුතුනායක මී.12.77 (මධ්‍යම), 3.ප්‍රියංගිකා කුමාරි මී.12.38 (දකුණ)

කවපෙත්ත පිරිමි: 1.චරිත් කපුකොටුව මි.51.22 (වයඹ), 2.ඉසඩ්.ටී.එම්.අරික් මී.44.66 (නැඟෙනහිර), 3.සුනන්ද නිරෝෂන මි.41.66 (දකුණ)

මී.400 කඩුලු කාන්තා: 1.ජී.ඒ.එස්.දුලානි වි.1:00.6 (දකුණ), 2.කෞශල්‍යා මධුෂානි වි.1:00.7 (වයඹ), 3.ටී.ජී.එන්.ඩී.වික්‍රමසිංහ වි.1.:02.6)

මී.400 කඩුලු පිරිමි: 1.ඒ.එල්.ඒ.අයි.රත්නසේන තත්.53.0 (සබරගමුව), 2.අරවින්ද චතුරංග තත්.53.1 (ඌව), 3.නවෝද්‍ය ශංකපාල තත්.53.3 (දකුණ)

උස පැනීම පිරිමි: 1.මංජුල කුමාර මී.2.21 (දකුණ), අරුණ ප්‍රදීප් මී.2.07 (දකුණ), 3.ආර්.ආර්.ඩී.රණතුංග මී.2.07 (සබරගමුව) මී.200 කාන්තා: 1.රුමේෂිකා රත්නායක තත්.24.3 (සබරගමුව), 2.නදීෂා රාමනායක තත්.25.2 (දකුණ), 3.පී.කේ.එස්.යූ.මධුෂානි තත්.25.2 (බස්නාහිර) මී.200 පිරිමි: 1.විනෝජ් සුරංජය තත්.21.3 (දකුණ), 2.ඒ.එස්.එම්.සෆාන් තත්.21.5 (වයඹ), 3.කේ.එස්.එල්.වික්‍රමසිංහ 21.6 තත්.(දකුණ)

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();