Ticker

6/recent/ticker-posts

Header Ads Widget

වොලිබෝල් පරාජය සොයන විමර්ශන කමිටුව බරටම වැඩ

Author(s): 
ප්‍රින්ස් ගුණසේකර

ආසියානු අභියෝගතා කුසලාන වොලිබෝල් තරගාවලියේදී ශ්‍රී ලංකාව මූලික වටයේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයට පරාජයවීම සම්බන්ධ සුලමුල සෙවීම වෙනුවෙන් පත්කළ පංච පුද්ගල විමර්ශන කමිටුව පාර්ශව කිහිපයකින් සාක්ෂි විමසයි. ශ්‍රී ලංකා වොලිබෝල් සහය පුහුණුකරුවන්වන චාල්ස් තිලකරත්න හා නලීන් සම්පත් යන මහත්වරුන්ගෙන්, කණ්ඩායමේ පන්දු සකසන්නා කසුන් ප්‍රනාන්දුගෙන් මූලික සාක්ෂි විමසීමක් සිදු කොට ඇත.

තවත් පාර්ශ්ව කිහිපයකින් සාක්ෂි විමසා අවසානයේ සර්බියානු ජාතික ප්‍රධාන පුහුණුකරුගෙන් සාක්ෂි විමසීමට කමිටුව අපේක්ෂා කරයි.

සියලු සාක්ෂි පදනම් කොට ලබන බදාදා වන විට මෙම විමර්ශනයේ කටයුතු නිමාවට පත්කරන බව විමර්ශන කමිටු සාමාජිකයෙකු ‘දිනමිණ’ ට පැවැසීය. ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ සභාපති, ඇමැති රංජිත් සියඹලාපිටිය මහතාගේ නියෝගය අනුව මේ විමර්ශන වාර්තාව ලබන මේ මස 8 වැනිදාට පෙර භාරදිය යුතු හෙයින් සාක්ෂි විමසීම කඩිනම් කිරීමට පියවර ගෙන ඇත.

විමර්ශන කමිටුවේ සභාපති ලෙස ප්‍රියන්ත ජයකොඩි මහතා තටයුතු කරන අතර, ලේකම් සුසිල් රණසිංහ මහතා වේ. කමිටු සාමාජිකයන් ලෙස සී. කේ. රත්නමුදලි, රංජිත් ප්‍රේමරත්න හා ධනපාල ජයපත්ම යන මහත්වරු කටයුතු කරති.

ආසියානු අභියෝගතා කුසලාන වොලිබෝල් තරගාවලියේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ මූලික වටයේ සහභාගීවූ තෙවැනි තරගයෙන් සෞදි අරාබිය හමුවේ වට 3-1ක් ලෙස පරාජයට පත්වූ අතර, මේ හේතුවෙන් ශ්‍රී ලංකාව ‘ඒ’ කාණ්ඩයේ දෙවැනි තැනට පත්විය. එබැවින් ශ්‍රී ලංකාවට පහසුවෙන් සමස්ත තරගාවලියේ පළමු හා දෙවැනි ස්ථාන වෙත යෑමේ අවස්ථා අවහිරවූ බව ප්‍රවීණයින් පිරිසකගේ මතය විය. සෞදි අරාබියාව සමග තරගයේදී ශ්‍රී ලංකා පිලේ පසුබැසීම දැඩි කතාබහට ලක්වූ අතර, එම තරගයේ පෙන්වූ දුර්වල ක්‍රීඩා විලාශය පුදුම සහගත එකක්වූ බව ප්‍රවීණයෝ පෙන්වා දුන්හ.

 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();