Ticker

6/recent/ticker-posts

Header Ads Widget

දඟපන්දු යවන්නෝ ඉන්දියාවට ආසියානු කුසලානය ගෙන දෙති

ඕවර 21ක් වනවිට කිසිවකු නොදැවී ලකුණු 120ක් ලබා ප්‍රබල තත්ත්වයක පසුවූ බංග්ලාදේශ පිලේ පිතිකරුවන් දඟපන්දු උගුලක හසුකළ ඉන්දීය පිලේ පන්දු යවන්නෝ ජයග්‍රාහී ඉලක්කය පහසු කළ නිසා 7 වැනි වරටත් මෙවර ආසියානු කුසලානය දිනාගැනීමට ඉන්දීය පිල සමත්විය.

කාසියේ වාසිය දිනූ ඉන්දීය පිලේ නායක රෝහිත් ෂර්මා පළමුව පන්දුවට පහරදිමේ අවස්ථාව බංග්ලාදේශයට ලබා දුන්නේ සිය පන්දු යවන්නන් කෙරෙහි දැඩි විශ්වාසයක් තබාගනිමිනි. එහෙත් ආරම්භක ඕවරයේ සිටම පිටියේ සිවුදෙසටම ප්‍රහාර එල්ල කළ ලිටොන් දාස් විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කරමින් සිය මංගල ශතකය අත් කරගත්තේය. එහෙත් පළමු කඩුල්ල ලකුණු 120දී බිඳ වැටීමෙන් පසුව යළි හිස එසැවීමට ඉන්දීය පන්දු යවන්නෝ ඉඩ තැබුවේ නැත.

කෙසේවෙතත් ජයග්‍රහණය ඉන්දීය පිලට පහසුවූයේ නැත. 50 වැනි ඕවරයේ අවසන් පන්දුව දක්වා සටන් වැදීමට ඉන්දියාවට සිදුවී තිබිණි.

තණතීරුවේ ස්වභාවය අනුව තම කණ්ඩායම ලකුණු 250-260ක් පමණ ලබා සිටියා නම් ජයග්‍රහණය කිරීමට අවස්ථාව තිබූ බව තරගයෙන් පසුව බංග්ලාදේශ පිලේ නායක මෂ්රාෆී මොර්ටාසා කියා සිටියේය.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();