රෙඩ්බුල් ආයතනය මෙහෙයවූ ලෝක විශ්වවිද්‍යාල ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට ශ්‍රී ලංකාව නියෝජනය කළ ව්‍යාපාර කළමනාකරණ පාසල (බී.එම්.එස්.) සමත් විය.
බී.එම්.එස්. පිල ශූරතාව දිනාගත් දෙවැනි අවස්ථාව මෙයවන අතර මින් පෙර 2016 වසරේ පළමු වරට ශූරතාව දිනාගෙන තිබිණි.
පෙරේදා කොළඹ එස්.එස්.සී පිටියේ පැවැති තරගාවලියේ අවසන් තරගයේදී බී.එම්.එස්. පිල හමුවේ ඉන්දියාවේ පූනේ මරත්වාඩා මිට්රා මැන්ඩල් වාණිජ්‍ය විද්‍යාලය (එම්.එම්.සී.සී) පිල කඩුලු 4කින් පරාජයට පත්විය.
තරගයේ කාසියේ වාසිය දිනාගත් බී.එම්.එස් පිලේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් පූනේ පිල කඩුලු 2ක් දැවී ලකුණු 211ක් රැස් කිරීමට සමත් විය. එම ඉලක්කය හඹාගිය බී.එම්.එස් ක්‍රීඩකයෝ අවසන් පන්දුවෙන් ජයග්‍රහණය අත්කර ගැනීමට සමත්වූයේ කඩුලු 6ක් පමණක් දැවී තිබියදීය.
බී.එම්.එස් ජයග්‍රහණයේ අඩිතාලම දැමූ දිනෙත් තිමෝද්‍ය ලකුණු 54ක් ඉනිමට එක් කළේ හතරේ පහර 6ක් සහ හයේ පහර 3ක් සමගින් පන්දු 34කිනි.
හෂාන් දුමිඳු පන්දු 25කින් ලකුණු 28ක්, සුපේෂල ජයතිලක පන්දු 23කින් ලකුණු 29ක් ඉනිමට එක්කළ අතර රනිත ලියනාරච්චි සහ කොෂාන් ධනුෂ්ක වේගවත් පිති හරඹයක නිරත වෙමින් 6 වැනි කඩුල්ලට ගොඩනැගූ ලකුණු 56ක සබඳතාවයෙන් බී.එම්.එස් ජය තහවුරු විය. ඔවුන් දෙදෙනා ලකුණු 56 සඳහා වැයකළේ පන්දු 18ක් පමණි.
රනිත පන්දු 14කදී හතරේ පහර 3ක් සහ හයේ පහරක් සමගින් නොදැවී ලකුණු 26ක්ද, කොෂාන් පන්දු 10කදී හයේ පහර 3ක් සමගින් ලකුණු 21ක්ද රැස් කළහ. තරගයේ වීරයා සම්මානය දිනෙත් තිමෝද්යට හිමිවිය.පළමුව පන්දුවට පහරදුන් පුනේ පිල වෙනුවෙන් ශබීර් මුර්ටසා නොදැවී ලකුණු 76ක් රැස් කිරීමට සමත් විය. ලකුණු 7කට පළමු කඩුල්ල දැවී යෑමෙන් අනතුරුව යෂ් නාහාර් සමග එක්ව දෙවැනි කඩුල්ලට පන්දු 81කින් ලකුණු 117ක සබඳතාවක් ගොඩනැගූ ශබීර් මුර්ටෂා, දිව්‍යාංග් හිංගෙකර් සමග තෙවැනි කඩුල්ලට ගොඩනැගූ නොබිඳුණු සබඳතාව ලකුණු 87කි.
ඉනිමේ දෙවැනි කඩුල්ල ලෙස නාහාර් ලකුණු 58කට දැවී ගියේ පන්දු 45කදී හතරේ පහර 5ක් සහ හයේ පහර 2ක් ඉනිමට එක්කර ගනිමිනි.
ශබීර්ගේ නොදැවුණු ඉනිමට පන්දු 48කදී හතරේ පහර 8ක් සහ හයේ පහර 2ක් ඇතුළත් වූ අතර හිංගෙකර් හතරේ පහර 2ක් සහ හයේ පහර 4ක් සමගින් පන්දු 21කින් ලකුණු 46ක් රැස් කළේය.
තරගාවලියේ වැඩිම කඩුලුලාභියා වු ජනිත් ලියනගේ (16)සහ ඩෙවින් පද්මනාදන් කඩුල්ල බැගින් දවා ගත්හ.
එම්.එම්.සී.සී. පිල - 211/2 (ඕවර 20) ශබීර් මුර්ටෂා නොදැවී 76, යෂ් නාහාර් 58, දිව්‍යාංග් හිංගෙකර් නොදැවී 46
බී.එම්.එස් - 212/6 (ඕවර 20) දිනෙත් තිමෝද්‍ය 54, සුපේෂල ජයතිලක 29, හෂාන් දුමිඳු 28 (රොහාන් දම්ලේ 30/4)
0 Comments