කාගේ හෝ පෞද්ගලික දේශපාලන අරමුණු වෙනුවෙන් සභාග ආණ්ඩු පිහිටුවීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කටයුතු නොකරන බවත් සභාග ආණ්ඩුවක් පිහිටුවන්නේ නම් ඒ ජාතික මැතිවරණයක් සඳහා පමණක් බවත් ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසයි. කොළඹදී පැවති පොදුජන පෙරමුණේ මාධ්‍ය හමුවට සහභාගි වෙමින් මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේය.
සභාග ආණ්ඩු යෝජනාව ශ්‍රීලනිපයේ යෝජනාවක් බවත් ඒ සඳහා තමන්ට ආරාධනා ලැබී ඇති බවත් ඔහු සඳහන් කරයි. පෞද්ගලික න්‍යාය පත්‍ර සඳහා නොව, රටේ වර්තමාන අර්බුදවලට විසඳුම් ලබාදෙන සභාගයක් සඳහා ඕනෑම අවස්ථාවක සාකච්ඡා කිරීමට පොදුජන පෙරමුණ සූදානම් බව ද නාමල් රාජපක්ෂ සඳහන් කර සිටී.
වත්මන් ආණ්ඩු අනිවාර්යෙන් ගෙදර යැවිය යුතු බවත් ඒ සඳහා ඕනෑම මොහොතක පෙරමුණ ගැනීමට සූදානම් බවත් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා වැඩිදුරටත් අවධාරණය කර සිටී.
The post සභාගෙ ඕනෙ ශ්‍රීලනිපයට – නාමල් කියයි. appeared first on Lanka News Column.
0 Comments