Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ශ්‍රීලනිපය ජාතික ආණ්ඩුවෙන් ඉවත් විය යුතුයි.

Sudarshani_Fernandofulle

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ජාතික ආණ්ඩුවෙන් ඉවත් විය යුතු බවට වන යෝජනාවක් අද(13) දිනයේදී ජනාධිපතිවරයා වෙත ලිඛිතව ඉදිරිපත් කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ පවසා තිබේ.

පසුගියදා ජාතික ආණ්ඩුවෙන් ඉවත් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී කණ්ඩායමේ ඒකමතික යෝජනාවකට අනුව අදාල ලිඛිත ඉල්ලීම ඉදිරිපත් කරන බව මන්ත්‍රීවරිය සඳහන් කර ඇති අතර  ඒ අනුව පසුගිය දින කිහිපය තුළ මේ සම්බන්ධයෙන් 15 දෙනාගේ කණ්ඩායම දීර්ඝ ලෙස කරුණු සාකච්ඡා කර ඇති බවත් සඳහන් වේ. ජාතික ආණ්ඩුව තුළ තවදුරටත් කටයුතු කිරිම සුදුසු නොවන බව මෙහිදී 15 දෙනාගේ මන්ත්‍රී කණ්ඩායම යෝජනා කර ඇති බවත් පැවසේ.

ජාතික කණ්ඩායමෙන් ඉවත් නොවුණහොත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවට සහභාගී වීම සම්බන්ධයෙන් තීරණයක් ගැනිමට සිදුවන බව ද මන්ත්‍රී කණ්ඩායම මෙහිදී ප්‍රකාශ කර ඇති බවත්  මෙම යෝජනාව සම්බන්ධයෙන් ද ජනාධිපතිවරයා දැනුවත් කිරිමට නියමිත බව එම මන්ත්‍රී කණ්ඩායම සඳහන් කර සිටින බවත් වැඩිදුරටත් සඳහන් වේ.

The post ශ්‍රීලනිපය ජාතික ආණ්ඩුවෙන් ඉවත් විය යුතුයි. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();