Ticker

6/recent/ticker-posts

Header Ads Widget

රවී සැකකරුවකු කිරීම නීත්‍යානුකූල නෑ.

Ravi-K

මහ බැංකු බැඳුම්කර කොමිසම හමුවේ අසත්‍ය සාක්ෂි ලබාදුන් බව කියමින් රහස් පොලීසිය විසින් ආරම්භ කර ඇති පරීක්ෂණයට අදාළ ව පාර්ලිමේන්තු මන්ත්‍රී  රවි කරුණානායක එම සිද්ධියේ සැකකරුවකු ලෙස මෙම අවස්ථාවේ නම් කිරීම නීත්‍යානුකූල නොවන බව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රංග දිසානායක  අද තීන්දු කර තිබේ.

රහස් පොලීසිය විසින් ගොනු කර ඇති පැමිණිල්ලකට අදාළව නියෝගය ප්‍රකාශයට පත් කරමින් ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා සඳහන් කර ඇත්තේ ලංකා දණ්ඩ නීති සංග්‍රහය යටතේ මෙම අවස්ථාවේදී නඩු කටයුත්තක් ආරම්භ වී නොමැති බවයි. එබැවින් එම අවස්ථාවේදී රවී කරුණානායක සැකකරු ලෙස නම් කිරීමට රහස් පොලීසිය ගත් ක්‍රියාමාර්ගය නිත්‍යානුකුල නොවන බවද ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා සඳහන් කර ඇත.

කෙසේ වෙතත් මෙම විමර්ශනයට අදාළව නිකුත් කර ඇති නියෝග කීපයක් ඉවත් කර ගන්නා මෙන් ඉල්ලා global transportation සහ ලොජිස්ටික්ස් සමාගම විසින් සිය නීතිඥවරුන් මාර්ගයෙන් මීට පෙර අධිකරණයෙන් ඉල්ලීමක් කර තිබුණි. මේ සම්බන්ධයෙන් තීන්දුව ප්‍රකාශයට පත් කරමින් ප්‍රධාන මහේස්ත්‍රාත් රංග දිසානායක සඳහන් කර ඇත්තේ මෙම නියෝග නිකුත් කිරීම නීත්‍යානුකූල ආකාරයට සිදුකර ඇති බවයි.

එම නියෝග ක්‍රියාත්මක කිරීම තාවකාලික ලෙස අත්හිටුවමින් තමා විසින් නිකුත් කළ අතුරු නියෝගයක් ඉවත් කර ගන්නා බව සඳහන් කර ඇති ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා ඉකුත් 14 වනදා  තමා විසින් ලබාදුන් එම නියෝග ක්‍රියාත්මක කරන ලෙස ද රහස් පොලීසියට නියම කර තිබේ.

පැමිණිල්ල  නැවත ලබන 22වනදා කැඳවීමට නියම කළ මහෙස්ත්‍රාත්වරයා එදිනට එම කටයුතුවල ප්‍රගතිය භාවිතා කරන මෙන් රහස් පොලීසියට නියම කළ බවද වැඩිදුරටත් සඳහන් වේ.

The post රවී සැකකරුවකු කිරීම නීත්‍යානුකූල නෑ. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();