Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ජනබලයට දුන් කිරිපැකට්වල කිසිදු වස විසක් තිබී නැහැ – නියෝජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර.

Nalin_Bandara

ඒකාබද්ධ විපක්ෂය විසින් සංවිධානය කළ විරෝධතාවයට ලබාදුන් කිරිපැකට්වලට කිසිදු වස විසක් හෝ වෙනත් දෙයක් මිශ්‍ර වී නොමැති බවට රස පරීක්ෂක වාර්තාවෙන් අනාවරණ ය වී ඇති බව  නීතිය හා සාමය පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර පවසා සිටී. අද(08) බදුල්ලේ ප්‍රදේශයේ දී මාධ්‍ය මාධ්‍ය වෙත අදහස් දක්වමින් නියොජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේය.

ඒකාබද්ධ විපක්ෂය විසින් මේ සම්බන්ධව කොළඹ කොටුව පොලීසියට වෙත පැමිණිල්ලක් සිදු කර අතර කිරි පැකට් කිහිපයක් ද ඉදිරිපත් කළ බව නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙයි. පසුව ඒසේ ඉදිරිපත් කළ කිරි පැකට්වල කිසිදු වස විසක් හෝ වෙනත් දෙයක් මිශ්‍ර වී නැති බවට රස පරීක්ෂක වාර්තාවෙන් අනාවරණ වී ඇති බවත්  සඳහන් කර සිටී.

මේ තුළින් අනාවරණය වන්නේ පසුගිය මස 05 වනදා පැවති විරෝධතාවයේ අසාර්ථකත්වය වසා ගැනීමට ගත් උත්සහයක් බවද  නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටී.

The post ජනබලයට දුන් කිරිපැකට්වල කිසිදු වස විසක් තිබී නැහැ – නියෝජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();