ජාත්‍යන්තර පොලිසියේ ප්‍රධානී මෙං හොංවෙයි සිය භාරයේ සිටින බව චීනය තහවුරු කර ඇති බව විදේස් මාධ්‍ය සඳහන් කර සිටී. චීන රජය පවසා ඇත්තේ, චීනයේ ජාතික සුපරීක්ෂණ කොමිසම (National Supervision Commission) විසින් විමර්ශනයක් සඳහා ඔහු රඳවා ගනු ලැබ සිටින බවය.
චීනයේ මහජන ආරක්ෂාව පිළිබඳ හිටපු උප අමාත්‍යවරයෙකු වන මෙං හොංවෙයි සැප්තැම්බර් 25 වෙනිදා ප්‍රංශයේ පිහිටි ජාත්‍යන්තර පොලිස් මූලස්ථානයේ සිට චීනය වෙත යාමෙන් පසු ඔහු පිළිබඳ කිසිදු තොරතුරක් නොලැබුණු බව වාර්තා විය.
මේ අතර, ජාත්‍යන්තර පොලිසිය සඳහන් කර ඇත්තේ, මෙං හොංවෙයි ජාත්‍යන්තර පොලිසියේ ප්‍රධානී ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ඉරිදා සිය ආයතනයට ලැබුණු බව ය.
මෙං හොංවෙයි පිළිබඳ විමර්ශනයක් පැවැත්වෙන බව චීනයේ මහජන නියෝජිතයින් සම්බන්ධ දූෂණ චෝදනා විමර්ශනය කරන ජාතික සුපරීක්ෂණ කොමිසම සිය වෙබ් අඩවිය තුළින් නිවේදනය කර තිබිණි.
The post ජාත්‍යන්තර පොලිස් ප්‍රධානියා චීනය භාරයේ. appeared first on Lanka News Column.
0 Comments