Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ශ්‍රී ලංකා-එංගලන්ත පළමු එක්දින තරගය අද දඹුල්ලේ දී

මෙරට සෑම පළාතකටම මේ දිනවල ඇද හැලෙන ධාරානිපාත වර්ෂාව සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර අද දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ආරම්භ වන එක්දින තරගාවලියට ද දැඩි බලපෑමක් එල්ල කරනු ඇතැයි පෙනෙන්නට තිබුණත් අද පැවැත්වෙන දිවා රාත්‍රී පළමු එක්දින තරගය ජයග්‍රහණයකින් නිමා කරගැනීම ශ්‍රී ලංකා පිලේ නායක දිනේෂ් චන්දිමාල්ගේ එකම බලාපොරොත්තුව වී තිබේ.

ලොව අංක එකේ එක්දින කණ්ඩායම වන එංගලන්ත පිල ශ්‍රී ලංකාවට පැමිණියේ සාර්ථක තරගාවලි කිහිපයකින් පසුවය. ශ්‍රී ලංකා පිල අද තරගයට එක්වන්නේ ආසියානු කුසලාන තරගාවලියේ මූලික වටයේදිම ඉවතට විසිවීමේ වේදනාවත් තුරුළු කරගනිමිනි.

ආසියානු කුසලාන පරාජයෙන් පසුව ඇන්ජෙලෝ මැතිව්ස් නායකත්වයෙන් ඉවත්වීමෙන් පසුව ශ්‍රී ලංකා එක්දින පිලේ නායකයා ලෙස නැවත පත්වූ ටෙස්ට් කණ්ඩාමේ නායක චන්දිමාල් ඊයේ පැවැති දඹුල්ලේ පැවැති මාධ්‍ය හමුවේදී කියා සිටියේ අද තරගය ජයගැනීම ලබන වසරේ පැවැත්වෙන ලෝක කුසලාන තරගාමාලාවට කදිම උත්තේජනයක් වනු ඇති බවය.

දෙපිල අතර මෙතෙක් පැවැති එක්දින තරග 69ක් අතරින් ශ්‍රී ලංකා පිල තරග 34ක් ජයගෙන ඉදිරියෙන් පසුවන අතර එංගලන්ත පිල තරග 33ක් ජයගෙන ශ්‍රී ලංකාවට වඩා එක් තරගයක් පසුපසින් සිටී. එක් තරගයක් විසඳුමකින් තොරව නිමාවට පත්වූ අතර තවත් තරගයක් නිමාවූයේ ලකුණු සමවීමෙනි.

ශ්‍රී ලංකා පිලේ නායකයාගේ බලාපොරොත්තුව එසේ වුවත් එංගලන්ත පිලේ නායක ඉයන් මෝගන්ගේ අරමුණ වී ඇත්තේ එක්දින ශ්‍රේණිගත කිරීම්වල පෙරමුණ රැකගනිමින් ලෝක කුසලාන තරගමාලාවට අවශ්‍ය මානසිකත්වය සකස් කරගැනීමය.

ඊයේ මාධ්‍ය හමුවට එක්වූ එංගලන්ත පිලේ ‍ජෝස් බට්ලර් කියා සිටියේ තම කණ්ඩායම අංක එකේ කණ්ඩායම වීම පීඩනයක් කර නොගෙන සුපුරුදු ක්‍රීඩා විලාශයක් පෙන්නුම් කිරීමට බලාපොරොත්තු වන බවය.

ශ්‍රී ලංකා එක්දින සංචිතය - දිනේෂ් චන්දිමාල් (නායක), උපුල් තරංග, සධීර සමරවික්‍රම, නිරෝෂන් දික්වැල්ල, ධනංජය ද සිල්වා, කුසල් ජනිත් පෙරේරා, දසුන් ශානක, තිසර පෙරේරා, අකිල ධනංජය, දුෂ්මන්ත චමීර, ලසිත් මාලිංග, අමිල අපෝන්සු, ලක්ෂාන් සඳකැන්, නුවන් ප්‍රදීප්, කසුන් රාජිත.

එංගලන්ත එක්දින සංචිතය - ඉයන් මෝගන් (නායක), ජොස් බට්ලර්, මොයින් අලි, ජොනි බෙයාර්ස්ටොව්, සෑම් කරන්, ටොම් කරන්, ලියම් ඩෝසන්, ඇලෙක්ස් හේල්ස්, ජෝ රූට්, ආදිල් රෂීඩ්, ජේසන් රෝයි, බෙන් ස්ටෝක්ස්, ඔලි ස්ටොන්, ක්‍රිස් වෝක්ස්, මාක් වුඩ්.

ෆවුස්

 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();