Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ජෙට්වින්-සූරිය රිසෝට් ක්‍රීඩා ශූරතා දිනයි

මීගමුව හෝටල් සංගමයට අයත් වෙන්නප්පුව මාරවිල හා වයික්කාල යන සංචාරක හෝටල්වල සේවයේ නියුතු නිලධාරින්ගේ හා සේවක මහත්ම මහත්මීන්ගේ ක්‍රීඩා හැකියාවන් මෙන්ම ඔවු නොවුන් අතර සුහදත්වය වර්ධනය කිරීමේ අරමුණින් වාර්ෂිකව පවත්වනු ලබන ක්‍රීඩා උළෙලේ සමස්ත පිරිමි ශූරතාව දිනා ගැනීමට ජෙට්වින් පිල සමත්වූ අතර කාන්තා ශූරතාව සූරිය රිසෝට් කණ්ඩායමට හිමිවිය.

වෙන්නප්පුව ඇල්බට් එෆ් පීරිස් ක්‍රීඩා පිටියේ පැවැති මේ ක්‍රීඩා උළෙලේ පිරිමි අනුශූරතාව මීගමුව පැරඩයිස් බීච් හොටෙල් පිලටත්, කාන්තා අනුශූරතාව මාරවිල ක්ලබ්පාම් හොටෙල් පිලටත් හිමිවිණි.

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයින් වන ජෙහාන් මුඛාරක් හා ප්‍රභාත් ජයසූරිය අතින් ජයග්‍රාහි කණ්ඩායම් වෙත ශූරතා කුසලාන ප්‍රදානය සිදු කෙරිණි.

වෙන්නප්පුව විශේෂ සුනිල් ප්‍රනාන්දුපුල්ලේ

ඡායාරූප වෙන්නප්පුව විශේෂ

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();