දක්ෂතම ක්රීඩිකාව අනූෂා කොඩිතුවක්කු
ශ්රී ලංකා බොක්සිං සංගමය මෙහෙයවූ 92 වැනි ක්ලිෆර්ඩ් කුසලාන කාන්තා හා පිරිමි බොක්සිං තරගාවලියේ සමස්ත ශූරතාව දිනාගැනීමට ස්ලිම්ලයින් බොක්සිං ක්රීඩා සමාජය සමත්විය. කොළඹ රාජකීය විදුහල් ‘රෝයල් - මාස් අරීනා’ බොක්සිං වළල්ලේ පසුගියදා නිමාවට පත්වූ මේ තරගාවලියේදී පිරිමි තරග අංශයේ බරපන්ති 10කින් රන් පදක්කම් 5ක් දිනාගැනීමට ස්ලිම්ලයින් ‘ඒ‘ කණ්ඩායම සමත්විය. තරගාවලියේ කාන්තා ඉසව්වේ සමස්ත ශූරියන්ට හිමි ඩයන් ගෝමස් කුසලානය දිනාගනු ලැබුවේ රන් පදක්කම් 7ක් දිනාගත් යුනිචෙලා කණ්ඩායම විසිනි.
කිලෝග්රෑම් 51 බර පන්තියෙන් තරග වැදුණු යුනිචෙලා පිලේ සුපිරි ක්රීඩිකා අනූෂා කොඩිතුවක්කු තරගාවලියේ දක්ෂතම ක්රීඩිකාව ලෙස සම්මාන දිනාගනිද්දී කිලෝග්රෑම් 69 බර පන්තියෙන් තරග වැදුණු ස්ලිම්ලයින් ‘ඒ’ පිලේ එන්.එම්.හෙට්ටිආරච්චි තරගාවලියේ දක්ෂතම ක්රීඩකයාට හිමි සම්මානය දිනාගත්තේය.
තරගාවලියේ හොඳම පරාජිත ක්රීඩකයා ලෙස යුද හමුදාවේ පී.ඩී.ඩී. මධුරංග සම්මාන දිනූ අතර එම කණ්ඩායමේ එච්.එස්.ප්රියදර්ශනී හොඳම පරාජිත ක්රීඩිකාව බවට පත්වූවාය.
0 Comments