හතලිස්හතර වැනි ජාතික මහා ක්‍රීඩා උළෙල පොලොන්නරුව ජාතික ක්‍රීඩා සංකීර්ණයේදී පළාත් සභා, පළාත් පාලන සහ ක්‍රීඩා ඇමැති ෆයිසර් මුස්තාපා, පළාත් සභා, පළාත් පාලන සහ ක්‍රීඩා රාජ්‍ය ඇමැතිනි ශ්‍රීයානි විජේවික්‍රම, ඔලිම්පික් පදක්කම්ලාභිනී සුසන්තිකා ජයසිංහ මහත්ම මහත්මීන්ගේ ප්‍රධානත්වයෙන් ඊයේ (11) ආරම්භ විය.
ආරාධිතයන් විසින් පළාත් ක්‍රීඩා නිලධාරීන් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ගමන්ගත් ආචාර පෙළපාළිය පිළිගැනීමෙන් අනතුරුව ක්‍රීඩා ඇමැතිවරයා විසින් ක්‍රීඩා උළෙල විවෘත කිරීමේ ප්‍රකාශය සිදු කළ අතර අනතුරුව ආරම්භය සනිටුහන් කරමින් ආචාර වෙඩිමුර 7ක් නිකුක් කිරීම සහ බැලුම් මුදා හැරීම සිදු කෙරිණි.
මෙවර ක්‍රීඩා උළෙලේ ඔලිම්පික් පහන දැල්වීම 2013 වසරේ ආසියානු ශූරතාවලියේදී මීටර් 400 සහාය ඉසව්වේ ලෝකඩ පදක්කම දිනු කණ්ඩායමේ සාමාජිකයකු වූ කේ.කසුන් කල්හාර සෙනෙවිරත්න සහ 2001 වසරේ පස්වැනි ආසියානු නෙට්බෝල් ශූරතාව දිනාගත් කණ්ඩායමේ සාමාජිකා ඒ.ජී.එල්.ප්‍රියංගිකා අතින් සිදු කෙරිණි.
පළාත් 9 ම නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 1543ක් සහ නිලධාරිහු 443ක් මීට එක්ව සිටියහ.
ක්‍රීඩා ඇමැතිවරයා උළෙල අමතමින් පැවැසුවේ ක්‍රීඩාව ග්‍රාමීය පළාත්වලට ගෙන යාමේ අරමුණින් යුතුව මෙවර පොළොන්නරුවේ ක්‍රීඩා උළෙල පැවැත්වීමට හැකිවීම පිළිබඳ සතුටට පත්වන බවයි.
ජනාධිපතිතුමන්ගේ උපදෙස් මත ක්‍රීඩාව හා දේශපාලනය වෙන්වන ගෙන යන බවත්, ඊයේ ගත් තීන්දුවක් මත සම්ප්‍රදායට වඩා රට ඉල්ලනනේ ක්‍රීඩා ක්ෂේත්රයෙන් රට ඉහළට ගෙන ගිය අයට නිසි ගෞරවයක් ලබාදීම බැවින් රටට කීර්තියක් අත්කරදුන් සුසන්තිකා ජයසිංහ ක්‍රීඩා උළෙලේ විශේෂ ආරාධිතයකු ලෙස එක්කරගත් බවත්ය. මේ ක්‍රීඩා උළෙලට එක්වන තරුණ තරුණියන්ද කැපවීමෙන් ක්‍රීඩා කර රට ඉහළට ගෙන යන ලෙසත් පැවැසු ඇමැතිවරයා ජනාධිපතිවරයා විසින් ගමේ ජවය ජාත්‍යන්තරයට ගෙන යෑමට අවශ්‍ය සියලු පහසුකම් ලබාදීමට ක්‍රීඩා අමාත්‍යාංශයට නියෝග කර ඇති බැවින් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දස්කම් ජාත්‍යන්තරයට ගෙන යෑමට ක්‍රීඩා අමාත්‍යාංශය කැපවී සිටින බවද පැවැසීය.
මලල ක්‍රීඩා ඉසව් ආරම්භ වන අද (12) දිනයේදී අවසන් තරග 12ක් පැවැත්වීමට නියමිතය. මීටර් 10000 පිරිමි ඉසව්වෙන් ආරම්භ වන තරගාවලියේ අද පෙරවරුවේ දී පිරිමි මිටිය විසිකිරීම, කාන්තා මීටර් 5000 සහ කාන්තා රිටි පැනීමේ අවසන් තරග පැවැත්වෙන අතර පස්වරුවේ පිරිමි උස පැනීම සහ දුර පැනීම, කාන්තා යගුලිය විසි කිරීම, පිරිමි කවපෙත්ත විසි කිරීම, කාන්තා/පිරිමි මීටර් 400 කඩුලු සහ මීටර් 200 අවසන් තරග පැවැත්වීමට නියමිතය.
මෙතෙක් නිමාවට පත්ව ඇති ඉසව් අනුව බස්නාහිර පළාත රන් පදක්කම් 83ක්, රිදී 71ක් සහ ලෝකඩ පදක්කම් 61ක් ලබා පෙරමුණේ පසුවන අතර මධ්‍යම පළාත රන් 33, රිදී 31ක් සහ ලෝකඩ 43ක් ලබාසිටී. වයඹ පළාත (රන් 22, රිදී 26, ලෝකඩ 39) තෙවැනි ස්ථානයේ පසුවෙයි.
රන් 17ක් සමගින් දකුණු පළාත සිවුවැනි ස්ථානයේත්, සබරගමුව 5වැනි සථානයේත් පසුවන අතර උතුරු මැද (රන් 14), ඌව (රන් 9), නැඟෙනහිර (රන් 3) සහ උතුර (රන් 2) 6, 7, 8 සහ 9 වැනි ස්ථානවල සපුවෙයි. අද තරගාවලියේ දෙවැනි දිනයයි.
මාධ්‍යවේදීන්ගේ ප්‍රතිපාදන කපයි
හතලිස්තුන් වරක් පැවැති ජාතික ක්‍රීඩා උළෙල ඉතිහාසයේ කිසිඳු දිනක සිදු නොවු අයුරින් මෙවර පොළොන්නරුවේ පැවැත්වෙන 44 වැනි ජාතික ක්‍රීඩා උළෙලේදී මාධ්‍යවේදීන්ට ලබාදෙන ප්‍රතිපාදන කප්පාදු කිරීමට කටයුතු යොදා ඇතැයි වර්තා වෙයි.
මෙවර ක්‍රීඩා උළෙලේ කටයුතු සඳහා ක්‍රීඩා අමාත්‍යාංශය විසින් පළාත් පාලන අමාත්‍යාංශයද මැදිහත් කර ගැනීම හේතුවෙන් සංවිධාන කටයුතු සඳහා අධික වියදමක් දැරීමට සිදුව ඇති බැවින් එම වියදම් අඩුකර ගැනීමේ අරමුණින් ක්‍රීඩා උළෙල ආවරණ කටයුතු සඳහා එක්වන මාධ්‍යවේදීන්ට ලබාදෙන ප්‍රතිපාදන අඩුකිරීමට සිදුව ඇතැයි වාර්තා වේ.
0 Comments