ඉන්දියාවේ පැවැත්වෙන ශ්‍රී ලංකා - ඉන්දියා හා එංගලන්තය සහභාගීවන දෘෂ්‍යාබාධිත විස්සයි 20 තුන්කොන් ක්‍රිකට් තරගාවලියට ශ්‍රී ලංකා පිල අද පිටත්වෙයි. ලෝක ශ්‍රේණිගත කිරීම් අනුව 3වැනි ස්ථානයේ සිටින ශ්‍රී ලංකා දෘෂ්‍යාබාධිත ක්‍රිකට් පිලට ඉන්දීය කණ්ඩායම මෙයට පෙර අවස්ථා කිහිපයකදී හමුවී ඇතත්, එංගලන්ත පිල වසර 4කට පසුව මුණගැසේ. කෙසේ වුවද මේ තරගාවලියට ශ්‍රී ලංකා පිල පිටත්වන්නේ නව සැලසුමක් යටතේ බව ශ්‍රී ලංකා දෘෂ්‍යාබාධිත ක්‍රිකට් පිලේ නායක ප්‍රියන්ත කුමාර මහතා පැවැසීය.
සුරියවැව ක්‍රීඩාංගණයේ විදිමත් පුහුණුවක් ලබා ඉන්දියාව බලා පිටත්වීමට ලැබීම පිළිබඳ සතුටට පත්වන බව හෙතෙම ඊයේ ශ්‍රී ලංකා ක්‍රිකට් හී පැවැති මාධ්‍ය හමුවකදී සඳහන් කළේය. ශ්‍රී ලංකා දෘෂ්‍යාබාධිත ක්‍රිකට් පිල ලබන වසරේ පැවැත්වෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ඉලක්කකොට ඉදිරි සැලසුම් සකස් කොට ඇතැයි ප්‍රියන්ත කුමාර මහතා පැවැසීය.
“අප ස්තූතිවන්ත වෙනවා ක්‍රීඩා ඇමැතිතුමාට අපට ලබාදුන් සහයෝගය හා ධෛර්යය පිළිබඳව. ක්‍රීඩාංගණ පහසුකම් හා නවාතැන් පහසුකම් ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් ලබාදීමට ක්‍රීඩා ඇමැතිතුමා කටයුතු කළා. අප ලබන වසරේ පැවැත්වෙන ලෝක කුසලාන තරගාවලියට සූදානම්. ඒ සඳහා මාසයක කාලයක් පුහුණුවීම්වලට අවශ්‍ය පහසුකම් ලබාදෙන ලෙස අප ඉල්ලා සිටිනවා” ශ්‍රී ලංකා දෘෂ්‍යාබාධිත ක්‍රිකට් නායකයා ඉල්ලීමක් කළේය.
සමාජ වගකීමක් ලෙස සලකා ඉදිරියේදී අවශ්‍ය සියලු පහසුකම් ශ්‍රී ලංකා ක්‍රිකට් මගින් ලබාදීමට කටයුතු කරන බව ක්‍රීඩා ඇමැති ෆයිසර් මුස්තාපා මහතා මේ මාධ්‍ය හමුවේදී පැවැසීය.
“දෘෂ්‍යාබාධිත ක්‍රිකට් පිල සමාජයේ වෙනම කොටසක් ලෙස සලකන්න බෑ. ඔවුන් ශ්‍රී ලංකා ධජය යටතේ ක්‍රීඩා කරන්නේ. අපට වගකීමක් තියෙනවා ශ්‍රී ලංකා දෘෂ්‍යාබාධිත ක්‍රිකට් පිල රැකබලා ගැනීම. එංගලන්තය හා ඔස්ට්‍රේලියාව වැනි රටවල දෘෂ්‍යාබාධිත ක්‍රිකට් පිල ඒ රටේ ක්‍රිකට් ආයතනය යටතේ පාලනය වෙනවා. ඒ ක්‍රමය කුමක්ද යන්න සොයා බලා ශ්‍රී ලංකා ක්‍රිකට් යටතට ශ්‍රී ලංකා දෘෂ්‍යාබාධිත ක්‍රිකට් පිල පත් කිරීම මගේ අරමුණයි. ඔවුන්ට ඒ මගින් සියලු පහසුකම් ලබාදෙනවා. දෘෂ්‍යාබාධිත ක්‍රිකට් ක්‍රීඩකයන්ට අනුග්රාහකයෝ සොයා සිඟමනේ යන්න මා ඉඩ තියන්නේ නෑ” ඇමැතිවරයා පැවැසීය.
මෙතෙක් ශ්‍රී ලංකා දෘෂ්‍යාබාධිත ක්‍රිකට් ක්‍රීඩකයෝ ඉතා අපහසුවෙන් තම පුහුණුවීම් කටයුතු සිදුකළද ඉදිරියේදී ශ්‍රී ලංකා ක්‍රිකට් සමග ඒකාබද්ධව ඉදිරියට ගෙන යන බව ක්‍රීඩා ඇමැති ෆයිසර් මුස්තාපා ඊයේ පැවැති මාධ්‍ය හමුවකදී පැවැසීය.
මේ මාධ්‍ය හමුවට ශ්‍රී ලංකා ක්‍රිකට් නිසි බලධාරී අමාත්‍යාංශ ලේකම් කමල් පද්මසිරි, ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක ඈෂ්ලී ද සිල්වා, ශ්‍රී ලංකා දෘෂ්‍යාබාධිත ක්‍රිකට් පිලේ පුහුණුකරු ලක්ෂාන් දේවප්‍රිය හා චමින්ද පුෂ්පකුමාර යන මහත්වරු සහභාගී වූහ.
ඉන්දියාවට යන ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත ක්‍රිකට් සංචිතය - අයි.ඒ.බී.සමන් කුමාර, ටී.ඩී.කේ.සහන් කුමාර, ජේ.පී.ඩී.රවින්ද්‍ර, කේ.ඒ.සිල්වා, ඩී.චමින්ද, කෝසල හේරත්, කේ.ජී.උපුල් සංජීව, බී.එල්.රුවන් වසන්ත, ඒ.එම්.සමන් තුෂාර, එම්.ඩී.ඩී.එන්.මතුගම, ඩබ්.එස්.සී.බණ්ඩාර, එච්.එම්.සුරංග සම්පත්, ඩබ්.ඒ.චන්දන දේශප්‍රිය, සී.කේ.සූරියආරච්චි, ඩී.එම්.දමිත් සඳරුවන්, ජේ.ඒ.ප්‍රියන්ත කුමාර, දිනේෂ් මධුවන්ත
0 Comments