Ticker

6/recent/ticker-posts

Header Ads Widget

සමස්ත ලංකා පාසල් මලල ක්‍රීඩා තෙවැනි දින නව තරග වාර්තා 16ක්

Author(s): 
ප්‍රින්ස් ගුණසේකර

සමස්ත ලංකා පාසල් මලල ක්‍රීඩා උළෙලේ ඊයේ තෙවැනි දිනයේදී නව තරග වාර්තා 15ක් බිහි වෙයි. කොළඹ සුගතදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ඊයේ දිනය නිමා වෙද්දී දින තුනක් පුරා සමස්ත මලල ක්‍රීඩා උළෙලේ නව තරග වාර්තා 30ක් බිහිව තිබිණි.

ඊයේ දිනයේදී වසර 10ක් පැරණි 18න් පහළ බාලිකා මීටර් 100 කඩුලු පැන දිවීමේ වාර්තාව බිඳ හෙළීමට ගම්පොල වික්‍රමබාහු මධ්‍ය මහා විදුහලේ කේ. ඒච්. ඒ. ඩී. කෞෂල්‍යා සමත්වීම කැපී පෙනුණි. ඇය විසින් තත්පර 14. 70කින් නව වාර්තාව බිහිකළ අතර එහි පැරණි වාර්තාව රත්නපුර ෆර්ගියුෂන් බාලිකා විදුහලේ ඉෂාරා සන්දීපනී තත් 15. 27කින් පිහිටුවා තිබිණි.

බිඳ වැටුණු අනෙක් සියලු තරග වාර්තා වසර 2017දී දියගම පැවැති සමස්ත ලංකා පාසල් මලල ක්‍රීඩා උළෙලේදී පිහිටවූ වාර්තා වේ. සමස්ත ලංකා පාසල් මලල ක්‍රීඩා තරගාවලියේ සිවුවැනි දිනයවන අද මූලික තරග අවසන් පූර්ව තරග කිහිපයක් මෙන්ම අවසන් තරග 17ක් පැවැත්වීමට නියමිතය.

ඊයේ පිහිටවූ නව තරග වාර්තා මෙසේය:

18න් පහළ බාලක මීටර් 400 - රුසිරු මල්ෂාන් මොරටුව සාන්ත සෙබස්තියන් විදුහල තත්පර 48.16 (පැරණි වාර්තාව රවිෂ්ක ඉන්ද්‍රජිත් සාන්ත බෙනඩික්ට් වි. තත් 48.80)

16න් පහළ බාලික මීටර් 400 - කවිදි සන්ජනී එදිරිසිංහ නාවල ජනාධිපති බාලිකා විදුහල තත්පර 56.91 (පැරණි වාර්තාව කවිදි සන්ජනී එදිරිසිංහ නාවල ජනාධිපති බාලිකා තත්. 58.67)

16න් පහළ බාලක මීටර් 400 - දුලේන් කුලරත්න රාජකීය විදුහල කොළඹ තත්පර 49.95 (පැරණි වාර්තාව මිලින්ද පෙරේරා හලාවත සාන්ත මේරී වි. තත්. 50.15)

14න් පහළ බාලිකා මීටර් 100 - ෂනෙල්ලා සෙනවිරත්න නුගේගොඩ ලයිසියම් ජාත්‍යන්තර පාසල තත්පර 12. 95 (පැරණි වාර්තාව ගයේෂා විජේතුංග ආනන්ද බාලිකා තත්. 13. 27)

16න් පහළ බාලක දුර පැනීම - හිරූෂ හේෂාන් සාන්ත පීතර් විදුහල මීටර් 7.04 (පැරණි වාර්තාව පසිදු සිතුමිණ ද මැසනෝද් වි. මී. 6.67)

12න් පහළ බාලක මීටර් 100 - තෙහාන් සන්ජුල විජේසූරිය රාජකීය විදුහල කොළඹ තත්පර 13.59 (පැරණි වාර්තාව එම් ආර්. රහීෆ් මාවනැල්ල සහිරා වි. තත්. 13.68)

18න් පහළ බාලිකා මීටර් 100 කඩුලු - ඒච්. ඒ. ඩී. කෞෂල්‍යා ගම්පොල වික්‍රමබාහූ විදුහල තත්පර 14.70 (පැරණී වාර්තාව ඉෂාරා සන්දීපනී රත්නපුර ෆර්ගියුෂන් බාලිකා වි. තත්. 15.27)

16න් පහළ බාලක හෙල්ල විසිකිරීම - රුමේෂ් තරංග සාන්ත පීතර් විදුහල මීටර් 66.49 (පැරණි වාර්තාව එම්. ටී. කේ. ප්‍රනාන්දු හලාවත සාන්ත මේරී වි. මී. 60.08)

14න් පහළ බාලක මීටර් 80 කඩුලු - නිමේෂ් ආන්ජලෝ ප්‍රනාන්දු වෙන්නප්පුව ජෝෂප් වාස් විදුහල තත්පර 11. 76 (පැරණි වාර්තාව එස්. එන්. පී. හේවගේ හෝමාගම මහින්ද රාජපක්ෂ වි. තත්. 12.50)

14න් පහළ බාලිකා උස පැනීම - නෙලීමා ළහිරුණී ද සොයිසා පානදුර ලයිසියම් ජාත්‍යන්තර පාසල මීටර් 1.53 (පැරණි වාර්තාව පියුමාලී චන්ද්‍රතිලක හෝමාගම මධ්‍ය මහා වි. මී. 1.46)

20න් පහළ මීටර් 110 කඩුලු - ෂෙහාන් දිලූෂ කාරියවසම් සාන්ත ජෝෂප් විදුහල තත්පර 14. 21 (පැරණි වාර්තාව එස්. ඒ. අයි. මිලින්ද ගලේවෙල මධ්‍ය මහා වි. තත්. 14.23)

16wන් පහළ බාලක මීටර් 200 - හිරූෂ හේෂාන් සාන්ත පීතර් විදුහල තත්පර 22. 53 ( පැරණි වාර්තාව මිලින්ද පෙරේරා හලාවත සාන්ත මේරී විදුහල තත්. 22.27)

16න් පහළ බාලක මීටර් 100 කඩුලු - නදුන් බණ්ඩාර කොළඹ රාජකීය විදුහල තත්පර 13.34 (පැරණි වාර්තාව අනුරුද්ධ ශ්‍රීමාල් අම්පිටිය බෙවරේස්ට් වි. තත්. 13.40)

16න් පහළ බාලිකා මීටර් 200 - කවිදි සන්ජනා එදිරිසිංහ නාවල ජනාධිපති බාලිකා විදුහල තත්පර 25.47 (පැරණි වාර්තාව බී. බි. සී. ජයමාන්න තොලංගමුව මධ්‍ය මහා වි. තත්. 26.00)17න් පහළ බාලක මීටර් 200 - රමේෂ් මල්ෂාන් මීගමුව මාරිස්ටෙලා විදුහල තත්.21.86 (පැරණි වාර්තාව වයි.සී.එම්.යෝදසිංහ කෑගල්ල සා.මේරි වි. තත්.22.07)

16න් පහළ බාලක මීටර් 400 සහාය දිවීම් - සාන්ත පීතර විදුහල විනාඩි 3:31.11 (පැරණි වාර්තාව පන්නිපිටිය ධර්මපාල විදුහල වි.3:33.3)

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();