දකුණු කොරියාවේ හිටපු ජනාධිපති Lee Myung-bak දූෂණ චෝදනා මත වසර 15කට සිරගත කළ බව විදෙස් මාධ්‍ය සඳහන් කර සිටී.
අල්ලස් ලබා ගැනීම්, මූල්‍ය වංචා සහ බලය අයුතු ලෙස භාවිත කිරීම සම්බන්ධයෙන් සෝල් නුවර අධිකරණයකින් මෙම දඬුවම ලබා දී ඇති බවත්, Lee Myung-bakට ඩොලර් මිලියන 11.5ක දඩ මුදලක් ගෙවීමට ද නියම කෙරුණු බවත් සඳහන් වේ.
හිටපු ජනාධිපතිවරයා පවසා ඇත්තේ මෙය දේශපාලන පලිගැනීමක් බවය.
විවිධ චෝදනා මත සිරගත කෙරුණු සිව්වෙනි දකුණු කොරියානු හිටපු නායකයා මොහු වන අතර, Lee Myung-bakට පෙර සිටි නායකයාට ද පසුගිය අප්‍රේල් මස සිර දඬුවම් නියම විය. බලය අවභාවිත කිරීම සහ අයුතු බලපෑම් එල්ල කිරීම යන චෝදනා ඔප්පු වීමත් සමග Park Geun-hyeට වසර 33ක සිර දඬුවමකට යටත් වීමට සිදු වුණි.
අයහපත් සෞඛ්‍ය තත්වයක් ගැන සඳහන් කරමින් දඬුවම් නියම කරන අවස්ථාවේ Lee Myung-bak අධිකරණයේ පෙනී සිට නැත. සිදුකර ඇති අපරාධවල බරපතළ බව හේතුවෙන් “චූදිතයාට අනිවාර්යයෙන්ම දැඩි දඬුවම් ලබා දිය යුතු,” බව සෝල් දිස්ත්‍රික් අධිකරණයේ විනිසුරුවරයා ප්‍රකාශ කර ඇත.
අධිකරණයට ඉදිරිපත් වූ කරුණු අනුව, සැම්සුන් ආයතන ප්‍රධානියාට එරෙහිව තිබූ චෝදනාවලින් ඔහු නිදහස් කිරීම සඳහා Lee Myung-bakබිලියන ගණනක මුදලක් අයුතු ලෙස ලබාගෙන ඇති බවත් නමුත් සැම්සුන් ආයතනය මෙම චෝදනා ප්‍රතික්ෂේප කරන බවත් වැඩිදුරටත් සඳහන් වේ.
The post හිටපු ජනපතිට වසර 15ක සිර දඬුවමක්. appeared first on Lanka News Column.
0 Comments