Ticker

6/recent/ticker-posts

Header Ads Widget

‘සිංහලයේ ධජය’ නමින් ධජයක් දළදා මාලිගාවේ එසවීමට ගත් වෑයම පොලීසිය මැදිහත් වී නවතා දමයි

Author(s): 
අසේල කුරුළුවංශ

නිදහස් දිනය යෙදුණු ඊයේ (04) පෙරවරුවේ ශ්‍රී දළඳා මාලිගා පරිශ්‍රයේ සිංහලයේ ධජය නම් වූ ධජයක් එසවීමට භික්ෂූන් වහන්සේ නමක් ගත් උත්සාහය පොලීසිය මැදිහත්ව නතර කිරීමට ගිය අවස්ථාවේ උණුසුම් තත්ත්වයක් ඇති විය.

ජාතියේ පෙරමුණ ගත් සිංහයෝ නම් සංවිධානයේ කැඳවුම්කරු බව කියන මැදිරිගිරියේ සුකී නම් වූ මේ භික්ෂුන් වහන්සේ ශ්‍රී දළදා මාලිගාවේ වාහල්කඩින් ඇතුළුවීමට උත්සාහ කළ අවස්ථාවේ එම ස්ථානයට පැමිණි මහනුවර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සුදත් මාසිංහ මහතා දළදා මාලිගාව වැඳ පුදා ගැනීමට කිසිදු තහංචියක් නොමැති වුවද දළදා මාලිගා පරිශ්‍රයේ පිළිගත් ජාතික ධජය හැර වෙනත් විවිධ ධජ ප්‍රදර්ශනය කිරීමට අවස්ථාව ලබාදිය නොහැකි බව උන්වහන්සේට දැනුම් දුන්නේය.

එම අවස්ථාවේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා හා වාදයක පැටලුණු හිමිනම කියා සිටියේ තමන් වහන්සේ ප්‍රදර්ශනය කිරීමට සූදානම් වනුයේ පෙර රජ දවස සිට භාවිත කළ සිංහලයේ නියම ධජය බවයි.

එකල මේ ධජය ප්‍රදර්ශනය කළද වර්තමානයේ ජාතික කොඩිය වෙනස් වී ඇති බවත් මුස්ලිම් හා දමිළ ශ්‍රී ලාංකික පුරවැසියන් නියෝජනය වීම සඳහා කොටස් එක්ව ඇති බැවින් ඊට පටහැනි වෙනත් ධජයක් ප්‍රදර්ශනය කිරීමට අවසර ලබාදිය නොහැකි බවත් සුදත් මාසිංහ මහතා කීය.

මෙරට ව්‍යවස්ථාවට අනුව ප්‍රසිද්ධ ස්ථානයක ප්‍රදර්ශනය කළ හැක්කේ ව්‍යවස්ථාපිත ජාතික ධජය පමණක් බවද හෙතෙම ප්‍රකාශ කළේය.

මේ ධජය දළඳා මාලිගා පරිශ්‍රයේ ප්‍රදර්ශනය කිරීම තහනම් කරමින් මේ වන විට අධිකරණ නියෝගයක් පවා ලබාදී ඇති බවද ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා පැවසීය.

අධිකරණ නියෝගය භික්ෂුන් වහන්සේට පෙන්වීමෙන් අනතුරුව සිංහලේ ධජය එම ස්ථානයේ රැස්ව සිටි ජනතාවට හා මාධ්‍ය වෙත ප්‍රදර්ශනය කිරීමට පියවර ගත් අතර උන්වහන්සේ පොලිස් අධිකාරිවරයාට ඉන් ධජයක් ලබාදීමට පියවර ගත්හ. අනතුරුව ශ්‍රී දළදා මාලිගාව වෙත ගිය මැදිරිගිරියේ සුකී හිමියෝ ආගමික වතාවත්වල නිරත වීමෙන් අනතුරුව සිංහලයේ ධජය ශ්‍රී දළදා සමිඳුන්ට පූජා කිරීමටද පියවර ගත්හ.

 

 


Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();