Ticker

6/recent/ticker-posts

Header Ads Widget

කටු සටහන් පොත් තබා ගැනීම​ / Keeping Sketchbooks



චිත්‍ර කරනයේ නියලෙන ආධුනිකයන් මෙන්ම ඉතා පලපුරුදු චිත්‍ර ශිල්පීන් දක්වා සියලු දෙනාට ඉතාමත් වැදගත් පුරුද්දක් නම් කටු සටහන් කිරීමේ නියැලීම වේ.මෙම කටු සටහන් පොතක සිදුකිරීම වඩාත් හොඳින් සහ නිරතුරුවම කටු සටහන් ඇඳීම තහවුරු කරනවාක් මෙන්ම එම සටහන් නැති නොවී,විනාශ නොවී සහ හානි නොවී කාලයක් තබා ගැනීමට සහ අවශ්‍ය විටකදී පහසු පරිශීලනයටද මහෝපකාරී වේ.

කලක් තිස්සේ මෙම පුරුද්දේ නිතිපතා නියලෙන්නෙකු ලෙස මෙම පුරුද්දෙන් මා ප්‍රයෝජන බොහොමයක් සතු කර ගැනීමට සමත් විය​.චිත්‍ර කරනයට පිවිසී සිටින නමුත් එය දැනටමත් නොකරන යමකු වේ නම්, හැකි ඉක්මනින් සහ හැකි පමනින් කටු සටහන් තබා ගැනීම ඉදිරි ප්‍රගතියට මත් පිටුවහලක් වනු නිසැකය​.

කටු සටහන් පොත් තබා ගැනීම​ පිලිඹඳව නීති නැතත්,එය පහසු සහ වඩාත් ඵලදායී කර ගැනීමට කරුනු කිහිපයක් පහත දක්වමි.මේවා මවිසින් ගබොහෝ කලක සිට මේ දක්වාම නිරතුරුව අනුගමනය කරන කරුනු වේ.
  1. සියලු සටහන් වල දින දක්වන්න​.
  2. ස්ථානය අදාල වන සැම විටම ස්ථානය සඳහන් කරන්න​.
  3. වේලාව අදාල වන්නේ නම් එයද දසඳහන් කරන්න​.
  4. කටු සටහනක් යනු ඉරි කෙබලි හෝ වර්මන කිහිපක් තරම් සරල මෙන්ම සවිස්තරාත්මක රූපයක් දක්වා පරාසයක තිබිය හැක්කකි.මේ පරාසයේම රූප ඇඳීම වඩාත් ප්‍රයෝජනවත් විය හැක​.
  5. දකින දේ මෙන්ම​,සිතේ පැනනගින සිතුවිලි වුවද සටහන් කර ගන්නේ නම් වඩාත් වැදගත් වේ.
  6. අවශ්‍ය යයි හැඞෙන සැමවිටම යම් දෙයක් අකුරින් සහ ඉලක්කම් වලින් විස්තර කිරීමට නොපැකිලෙන්න​.
  7. කටු සටහන් තබා ගැනීම දෛනික පුරුද්දක් කර ගත හැකි නම් ඉතා වටී. තවද​, යන සියලු තැන්වලට කටු සටහන් පොතක් රැගෙන යාමේ පුරුද්ද ඇති කර ගන්න​.
  8. ඇඳීම සඳහා තමන් කැමති ඔනෑම මාද්‍යයක් භාවිතා කල හැක​.
  9. කටු සටහන් පොතක් තුල වැරදීම් වලට සම්පූන ඉඩකඩ තිබේ.මේ නිසා චිත්‍රයක් / කටු-සටහනක් වැරදි යැයි හැඞුනද එය තබා ගන්න​.හැකිනම් සහ කැමත්නම්,වරද කුමක්ද යන්න වචනයෙන් හෝ වෙනත් පැහැයකින් දක්වන්න​.නැතිනම්,එසේ නොමකා තබා ගන්න​.
  10. සෑම කටු සටහනක්ම නිමි චිත්‍රයකින් අවසන් විය යුතු නැත​.එබැවින් චිත්‍රයක් සඳහා වැදගත් විය හැකි දේට පමනක් කටු සටහන් සිදුකල යුතු නැත​.


** දෛනිකව සහ නොකඩවා කටු සටහන් පොත් තබාගත් චිත්‍ර ශිපීන් අතුරින් Leonardo Da Vinci සුවිශේශී වේ.ඔහු ජීවිත කාලය පුරා කල පුරුද්දක් වූයේ සෑම දිනක්ම අවම වශයේන් එක් විශාල පිටුවක් පිරෙන්නට කටු සටහන් කිරීමය​.මෙහිදී ඔහු ප්‍රධාන වශයෙන් තම නිරීක්ශන පාදක කරගත් නමුදු, තම සිතුවිලිද ඒ අතර සටහන් කර තැබීමට නිපකිල තිබේ.

බලල් චර්‍යාවන් නිරූපනය කරන මේ කටු සටහන් පොත් පිටුවේ,Da Vinci විසින් අඳින ලද බලල් රූප අතර මකරෙකුගේ කටු සටහනක්ද තිබීම මෙයට නිදසුනක් වේ.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();