ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නව සංවිධායකවරුන් හා සම්බන්ධීකරණ කමිටු සභාපතිවරුන් පිරිසකට ඊයේ පත්වීම් ලබාදී තිබේ.
ඒ අනුව දයාසිරි ජයසේකර පත් කර ඇත්තේ, කුරුණෑගල දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායක දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ සමසභාපති සහ පන්නල ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේ සමසභාපතිවරයා ලෙසයි.
නව පත්වීම් අනුව අමාත්‍ය ෆයිසර් මුස්තාෆා, මැද කොළඹ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායක ධූරයට පත්කර තිබේ.
පළාත් අමාත්‍ය හෙක්ටර් බෙත්මගේ සහ ජී.එච් බුද්ධදාස යන මඅය පත්කර ඇත්තේ කඩුවෙල ආසනයේ සමසංවිධායකවරුන් ලෙසිනි.
සුමිතා ප්‍රියංගනී අබේධීර මතුගම ආසනයේ මතුගම ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශය භාර සමසංවිධායකවරිය ලෙසත් සුරංග හිදැල්ලාරච්චි මතුගම ආසනයේ දොඩංගොඩ ප්‍රාදේශීය බල ප්‍රදේශය භාර සමසංවිධායකවරයා සහ දොඩංගොඩ ප්‍රාදේශීය සංවර්ධන කමිටුවේ සමසභාපතිවරයා ලෙසත් පත් කර ඇත.
අමිල හර්ෂණ පත්කර ඇත්තේ, බෙන්තර ඇල්පිටිය ආසනයේ සංවිධායක ලෙස හා බෙන්තොට ප්‍රාදේශීය සම්බන්ධිකරණ කමිටුවේ සමසභාපතිවරයා ලෙසයි.
කරන්දෙණිය ආසනයේ සංවිධායක ලෙස හා එහි ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු සමසභාපතිවරයා ලෙස සුසන්ත ලාල් ජයවීර පත්කර කර ඇත.
තිසර ගුණසිංහ පත්කර ඇත්තේ, හබරාදුව ආසනයේ සංවිධායක ලෙස හා එහි ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු සමසභාපතිවරයා ලෙසයි.
නව පත්වීම් අනුව අතුල කුමාර රාහුබද්ද රත්නපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සමසභාපතිවරයා සහ රත්නපුර ආසනයට අයත් ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු සමසභාපතිවරයා ලෙසත් වෛද්‍ය කීර්ති ෆොන්සේකා යාපහුව ආසනයේ සංවිධායකවරයා ලෙසත් පත්වීම් ලැබු බව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.
නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න ගම්පහ දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ සමසභාපතිධූරයට පත්කර ඇති අතර පියසේන ගමගේ ගාල්ල දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ සමසභාපතිවරයා වේ.
පුත්තලම දිස්ත්‍රික්කයේ මුන්දලම ප්‍රදේශීය සභාවේ සම්බන්ධීකරණ කමිටුවේ නව සභාපතිවරයා ලෙස පත් කර ඇත්තේ ඒ. එච්. එම්. තාහිර් වේ.
The post ශ්‍රීලනිප ආසන සංවිධායක ධූර අලුත් වෙයි. appeared first on Lanka News Column.
0 Comments