Ticker

6/recent/ticker-posts

Header Ads Widget

‘පච්ච’ තහනම් වෙයි.

Tatoo

රග්බි ලෝක කුසලාන තරගාවලියට සහභාගි වීම සඳහා ජපානයට පැමිණෙන ක්‍රීඩකයින්ට ජපානය තුළ රැඳී සිටින කාලය තුළ සිය පච්ච (Tattoos) ආවරණය කරගෙන සිටින ලෙසට දැනුම් දීමට ලෝක රග්බි පාලක මණ්ඩලය තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කර සිටී.

මෙම තීරණය ගෙන ඇත්තේ, ජපානය තුළ පච්ච කෙටීම පිළිබඳව පවතින අයහපත් ආකල්ප හේතුවෙන් බව පැවසේ.

ජපානය තුළ පච්ච කෙටීම සිදුවන්නේ, අපරාධ ක්‍රියාවලට සම්බන්ධ යකුසා නමැති මාෆියා කල්ලියේ සාමාජිකයින් අතර බවත්  මේ හේතුවෙන්, ජපානයට පැමිණෙන රග්බි ක්‍රීඩකයින් කෙරෙහි සාමාන්‍ය ජපාන වැසියන් තුළ වැරදි වැටහීමක් ඇති වීම වැළැක්වීම සඳහා පච්ච කෙටීම් ආවරණය කරගන්නා ලෙසට ඉල්ලා සිටීමට තීරණය කර ඇති බවත් සඳහන් වේ.

මේ අනුව, ශාරීරික යෝග්‍යතා මධ්‍යස්ථාන, පිහිනුම් තටාක ඇතුළු පොදු ජනතාව ගැවසෙන ස්ථානවලදී පච්ච ආවරණයවන පරිදි ඇඳුම් ඇඳීමට සිදුවනු ඇත.

මේ පිළිබඳ අදහස් දක්වමින් තරගාවලි අධ්‍යක්ෂ ඇලන් ගිල්පින් (Alan Gilpin) පවසා ඇත්තේ, සිය ඉල්ලීමට ක්‍රීඩකයින්ගෙන් යහපත් ප්‍රතිචාර ලැබී ඇති බවය.

“මීට වසරකට පමණ පෙර මේ සම්බන්ධයෙන් රග්බි කණ්ඩායම්වලට දැනුම් දුන් අවස්ථාවේදි අපි බලාපොරොත්තු වුණේ රග්බි කණ්ඩායම් කලබල වෙයි කියල. ඒත් කිසි ම අයහපත් ප්‍රතිචාරයක් ලැබුණෙ නෑ අපට,” ඇලන් ගිල්පින් සඳහන් කර තිබේ.

“ජපාන සංස්කෘතියට ගරු කිරීම සඳහා ඔවුන් සියලු දෙනා පොදු ස්ථානවලදී පච්ච ආවරණය වන පරිදි ඇඳුම් ඇඳීමට එකඟත්වය පළ කර තිබෙනවා. ඒක ක්‍රීඩාව වෙනුවෙන් දැක්වූ විශිෂ්ට ගරු කිරීමක්.”

මේ අතර, නවසීලන්ත රග්බි කණ්ඩායමේ ප්‍රධාන නිලධාරී නයිජල් කාස් (Nigel Cass) පවසා ඇත්තේ, “සිය කණ්ඩායම ඕනෑ ම රටක සංස්කෘතියට සහ සිරිත් විරිත්වලට ගරු කරන හෙයින් ජපානය තුළදී ද එය ආරක්ෂා කරන,” බවය.

2015 වසරේදී කරන ලද සමීක්ෂණයකට අනුව, පච්ච සහිත සංචාරකයින්ට පොදු ජනතාව ගැවසෙන ස්ථානවල ස්නානය කිරීමට අවසර නොදීමට එරට සංචාරක හෝටල් අතරින් 56% ක් පියවර ගෙන තිබූ බව හෙළිවිය.

ජපානය තුළ පච්ච කෙටීම පිළිබඳව වැරදි ප්‍රතිරූපයක් ගොඩ නැගුණේ, 1960 වසරේ එක දිගට තිරගත වූ චිත්‍රපට රැසක ජපාන මාෆියා කණ්ඩායම් පච්ච කොටාගෙන සිටින ආකාරය දැක්වෙන රූප රාමු එක් කර තිබීම හේතුවෙන් බවත් සඳහන් වේ.

මේ වන විට යකුසා මාෆියා කණ්ඩායම් ජපාන සමාජයේ ම කොටසක් බවට පත්ව ඇති අතර එය සාමාජිකයින් 60000 ක ගෙන් පමණ සමන්විත වන බව හඳුනාගෙන තිබෙන බවත් පැවසේ.

9 වන රග්බි ලෝක කුසලාන තරගාවලිය 2019 වසරේ සැප්තැම්බර් මස 20 වෙනි දා ජපානයේදී ආරම්භ වීමට නියමිත ය.

The post ‘පච්ච’ තහනම් වෙයි. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();