Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ආහාර විෂ වීමකින් 100කට වැඩි පිරිසක් රෝහලට.

Food_Poisoning

ආහාර විෂවීමක් හේතුවෙන් මිනුවන්ගොඩ ප්‍රදේශයේ ඇඟලුම් කර්මාන්ත ශාලාවක සේවිකාවන් පිරිසක් රෝහල්ගත කර ඇති බව වාර්තා වේ. මිනුවන්ගොඩ රෝහලේ වෛද්‍ය අධිකාරි සිසිර විජේසුන්දර පවසා ඇත්තේ, මේ වන විට 120කට අධික සංඛ්‍යාවක් රෝහලට ඇතුළත් කර ඇති බවයි.

ඔවුන්ට වමනය හා පාචනය රෝගි තත්ත්වයන් පවතින බව ද ඔහු සඳහන් කර සිටී.

මේ සම්බන්ධයෙන් මිනුවන්ගොඩ පොලීසිය සඳහන් කර ඇත්තේ, සිද්ධිය සම්බන්ධයෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු දැනුවත් කර පරීක්ෂණයක් පැවැත්වීමට පියවර ගෙන ඇති බවයි.

The post ආහාර විෂ වීමකින් 100කට වැඩි පිරිසක් රෝහලට. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();