ව්‍යවස්ථාදායක සභාවේ නිළ කාලය ඊයේ දිනයෙන් අවසන් වූ බව පාර්ලිමේන්තු නියෝජ්‍ය මහලේකම් නීල් ඉද්දවෙල පවසා සිටී.
කෙසේවෙතත් ව්‍යවස්ථාදායක සභාවේ සාමාජිකයින් වන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, කථානායක කරූ ජයසූරිය සහ සභා නායක ලක්ෂ්මන් කිරිඇල්ල ගේ නිල කාලය අවසන් නොවන අතර මෑතකදී එම සභාවට පත් කෙරුණූ මහින්ද සමරසිංහගේ ද නිළ කාලය අවසන් නොවන බව සඳහන් වේ.
ව්‍යවස්ථාදායක සභාවේ අනෙකුත් සාමාජිකයින් වන තිලක් මාරප, ඩබ්ලිව්.ඩී.ජේ. සෙනෙවිරත්න සහ සිවිල් සමාජ ක්‍රියාකාරීන්ගේ නිළ කාලය පමණක් අවසන් වන බව පාර්ලිමේන්තු නියෝජ්‍ය මහලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කර සිටී.
මේ අතර නිළ කාලය අවසන් වූ ව්‍යවස්ථාදායක සභාව සඳහා නව සිවිල් සමාජ ක්‍රියාකාරීන් පත් කිරීමේ ක්‍රමවේදය සම්බන්ධයෙන් කථානායකවරයා හා පාර්ලිමේන්තු මහලේකම්වරයා සමග සාකච්ඡා පැවැත්වූ බව පැෆ්රල් සංවිධානය පවසා සිටී.
The post ව්‍යවස්ථාදායක සභාවේ නිළ කාලය අවසන්. appeared first on Lanka News Column.
0 Comments