Ticker

6/recent/ticker-posts

Header Ads Widget

තීන්දු තීරණ ගන්න දේශපාලනය රට ගෙනැත් තිබෙන්නේ ඉතාම ඛේදනීය තැනකට – ආචාර්ය අනිල් ජයන්ත.

Dr_Anil_Jayantha

තීන්දු තීරණ ගන්න දේශපාලනය රට ගෙනැත් තිබෙන්නේ ඉතාම ඛේදනීය තැනකට බව  ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආචාර්ය අනිල් ජයන්ත ප‍්‍රනාන්දු ප්‍රකාශ කර සිටී. ඔහු මෙම අදහස් පළකර සිටියේ, ජාතික විද්වත් සංවිධානය මඟින් පැවැත්වූ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ආචාර්ය අනිල් ජයන්ත ප‍්‍රනාන්දු,

නිදහසින් පස්සේ විවිධ පක්ෂ රට පාලනය කිරීමෙන් පසු අද ආර්ථික ශේෂ පත‍්‍රය බලපුවාම යම් යම් හොඳ ලක්ෂණත් පේන්න පුළුවන්. අධ්‍යාපනයේ වර්ධනයන්, සෞඛ්‍ය ක්ෂේත‍්‍රයේ වර්ධනයන්, සමස්තයක් වශයෙන් ගත්තහම දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධනයන්, ඒකපුද්ගල දළ නිෂ්පාදිතයේ වර්ධනයන් පෙන්වන සංඛ්‍යා දත්ත දකින්න පුළුවන්. නමුත් අපි ගතකරන ජීවිතයේ ගුණත්වය වර්ධනයක් නැති බව අපිට පේනවා. ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය තුන් හතර ගුණයකින් පෙනුමින් වැඩිවුණාට මිනිසුන් බහුතරයක් ජීවත්වන්නේ ලොකු අරගලයක් එක්කයි. කොහේ හෝ වැරැුද්දක් තිබෙනවා. මේ වැරැුද්ද මොකක්ද කියන එකට හොඳ පිළිතුරක් අපි සකස් කර ගන්නට ඕනේ. ඇතත්ටම මේ වැරැුද්දේ පදනම බවට පත්වෙන දේශපාලනය. රටක තීන්දු තීරණ ගන්නේ දේශපාලනය. තීන්දු තීරණ ගන්න දේශපාලනය රට ගෙනැත් තිබෙන්නේ ඉතාම ඛේදනීය තැනකට. අවසාන තත්ත්වය කොතරම්ද කියනවා නම්, උගත් බුද්ධිමත් කියන සමාජය දේශපාලනය සම්බන්ධයෙන් නිද්‍රාශීලි තැනක ඉන්නේ. පවතින නිද්‍රාශීලී ස්වරූපයත් වක‍්‍රාකාරයෙන් යළි සේවය කරන්නේ පවතින විනාශකාරී, දූෂණය, වංචාව, ආදියෙන් පිරුණු දේශපාලනය පවත්වාගෙන යාමටයි.

සමාජයේ යම් වගකීමක් දරන පුද්ගලයන් විදිහට මේ ගැටලූවට මැදිහත් වෙන්න අපි තීරණය කළා. පවතින දේශපාලනය වෙනස් කරන්න උගතුන්, බුද්ධිමතුන් ඉතිහාසයේ විවිධ අවස්ථාවල විවිධාකාරයෙන් මැදිහත්වී තිබෙනවා. ඔවුන් මැදිහත් වෙලා තියෙන්නේ යම්කිසි පක්ෂයක්, පාටක්, හෝ පුද්ගලයෙක් ඔසවා තබන්නයි. එහෙම මේ වැඬේ කරන්න බැහැ. එහෙනම් මහජනතාව සැබෑලෙසම කි‍්‍රයාකාරීව බද්ධවෙන ආර්ථික වැඩපිළිවෙළක් සහිත දේශපාලන ව්‍යාපාරයක් බලයට පත්කරන්න ඕනෑ. තවත් දේශපාලන ව්‍යාපාරයක් පටන් ගන්නවා වෙනුවට ඉතාමත්ම ශක්තිමත් ජාතික වැඩපිළිවෙළක් ගොඩනැඟීමට මූලිකත්වය දෙනවා. ඒ තුළ ආර්ථික, සෞඛ්‍ය, කෘෂිකාර්මික, කී‍්‍රඩා, සහජීවනය පිළිබඳව වැනි විවිධ ක්ෂේත‍්‍රවල මූලික ප‍්‍රතිපත්ති 10ක් හදන්න අපි සාකච්ඡුා කරමින් ඉන්නවා.

මේ ප‍්‍රතිපත්ති එකතැනකට වෙලා පොතපත පරිශීලනය කරලා සකස් කරන එකක් නොවෙයි. මූලික වශයෙන්ම මහජනතාව මේකට සම්බන්ධ කරගෙන ඔවුන්ගේ අදහසුත් ලබාගන්න කි‍්‍රයාකරනවා. ගමින් ගමට යනවා. පුවත්පත් දැන්වීම් පළකරනවා. ඒ තුළින් යහපත් ජීවිතයක් ගොඩනඟා ගන්න පදනම මහජනතාවත් සමග අවබෝධයෙන් කටයුතු කරනවා. ඒ වගේම ප‍්‍රතිපත්ති සකස් කරන්න පමණක් සම්බන්ධවෙලා ආපසු යන්න එපාය කියන ඉල්ලීමත් මහජනතාවගෙන් කරනවා. මේ ප‍්‍රතිපත්ති කි‍්‍රයාත්මක කිරීමට පිහිටුවා ගන්නා දේශපාලන ව්‍යාපාර ඉතාමත්ම පුළුල් මහජනතාව පංගුකාරයන්වූ ව්‍යාපාරයක්. එහෙම වුනොත් විතරයි රටේ සමස්ත ජනතාව වෙනුවෙන් ගන්න තීන්දු තීරණ සාමූහික බවට පත්වෙන්නේ. ඒ අනුව පුද්ගලික සම්බන්ධතා මත තීන්දු තීරණ ගැනීමට තිබෙන ඉඩ ඉතාම අවමයි.

වංචා දූෂණ සම්බන්ධයෙන් ඕනෑතරම් උදාහරණ ජනතාව දන්නවා. රුපියල් කෝටි සිය ගණනක අලාභයක් විඳින ශී‍්‍ර ලංකන් ගුවන් සමාගම ඒ තත්වයට පත්වුණේ මහජනතාවගේ වරදින් නොවෙයි. ඒ තීන්දු තීරණ ගත්ත අධ්‍යක්ෂ මණ්ඩලය නිසයි. යහපත් සමාජයක නම්, මේ අලාභයන් අයකර ගන්න ඕනෑ වැරදිකාරයන්ගෙන්. නමුත් අද ඒවත් මහජනතාව පිට පැටවෙනවා. දේශපාලනය රාජ්‍ය ආයතන සම්බන්ධයෙන් රටට කර තිබෙන විනාශය අතිමහත්. පරීක්ෂණ පවත්වන බව මතුපිටින් පෙනුනාට ඇත්තටම සිද්ධ වෙන්නේ මහජනතාව බලාපොරොත්තු තියාගෙන තවදුරටත් අසීමිත බරක් දැරීමයි. මේ තත්ත්වය වෙනස් කර ගත හැක්කේ අපටමයි. සාමූහික පොදුජන ව්‍යාපාරයක් විදිහට ඉදිරියට ආවොත් විතරයි. අපි එකතු වෙලා ප‍්‍රතිපත්තියක් සකස් කරගෙන ඒ ප‍්‍රතිපත්තිය කි‍්‍රයාත්මක කරන දේශපාලන ව්‍යාපාරයක් අපි ගොඩනඟමු කියන ආයාචනය කරනවා. ඒ දේශපාලන ව්‍යාපාරය බලයට පත්කර ඉන්පසුවත් පොරොන්දුවූ පරිදි මූලික ප‍්‍රතිපත්ති කි‍්‍රයාත්මක කරන්න මනුෂ්‍යයන් විදිහට මීට වඩා යහපත් ජීවිතයක් ගත කරන්න තිබෙන හැකියාව වර්ධනය කර ගැනීමට පෙරට එන්න කියන ආයාචනය කරනවා යැයි පැවසීය.

The post තීන්දු තීරණ ගන්න දේශපාලනය රට ගෙනැත් තිබෙන්නේ ඉතාම ඛේදනීය තැනකට – ආචාර්ය අනිල් ජයන්ත. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();