Ticker

6/recent/ticker-posts

Header Ads Widget

20ට එරෙහි ශ්‍රේෂ්ඨාධිකරණයේ රහසිගත තීරණය කථානායක අතට.

Court

ජනතා විමුක්ති පෙරමුණ විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විසිවන සංශෝධනය පිළිබඳ යෝජනාවලියට එරෙහිව ඉදිරිපත් කරනු  ලැබු පෙත්සම් පිළිබඳ විභාගය අවසන් කළ ශ්‍රේෂ්ඨාධිකරණය එහි රහසිගත තීරණය කථානායකවරයා වෙත යොමු කරන බව නිවේදනය කර තිබේ. අදාළ පෙත්සම් විභාගය සිසිර ද ආබෲ, ප්‍රසන්න ජයවර්ධන සහ මුර්දු ප්‍රනාන්දු යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ පැවැත්වුණි.

ජනතා විමුක්ති පෙරමුණ වෙනුවෙන් එහි පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මැදිහත් පෙත්සමක් ඉදිරිපත් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට ප්‍රකාශ කර තිබුණේ තම පක්ෂය විසින් ඉදිරිපත් කර තිබෙන විසිවන සංශෝධනය තුළින් ආණ්ඩුකම ව්‍යවස්ථාව කිසිදු ආකාරයකින් උල්ලංඝනය වීමක් සිදු නොවන බවයි. මේ හේතුවෙන් අදාළ යෝජනාව සම්මත කිරීමේදී ජනමත විචාරණයක් අවශ්‍ය නොවන බවට තීන්දුවක් ලබාදෙන මෙන් ද විජිත හේරත් මන්ත්‍රීවරයා සිය පෙත්සමෙන් ඉල්ලා තිබුණි.

නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිස්ටර් ජෙනරාල්වරිය අධිකරණයට දන්වා සිටියේ එම යෝජනාව සම්මත කිරීම අවශ්‍ය නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයක් මෙන්ම ජනමතවිචාරණයක් ද අවශ්‍ය බවයි.

පුරා දින තුනක් තිස්සේ පැවති මෙම පෙත්සම් පිළිබඳ විභාගය අවසන් කළ ශ්‍රේෂ්ඨාධිකරණය එහි රහසිගත  තීරණය කතානායකවරයා වෙත යොමු කරන බව නිවේදනය කළේය.

The post 20ට එරෙහි ශ්‍රේෂ්ඨාධිකරණයේ රහසිගත තීරණය කථානායක අතට. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();