Ticker

6/recent/ticker-posts

Header Ads Widget

පළාත් පාලන මන්ත්‍රීවරියන් වෙනුවෙන් වැඩමුළු දිවයින පුරා.

conference

පසුගිය පළාත් පාලන මැතිවරණයේදී, පළාත් පාලන ආයතන සඳහා තේරී පත්වූ මන්ත්‍රීවරියන් වෙනුවෙන් මැතිවරණ නිරීක්ෂණ සංවිධාන මගින් වැඩමුළු මාලාවක් දිවයින පුරා පැවැත්වීමට කටයුතු යොදා ඇති බව සඳහන් වේ.

මැතිවරණ නිරීක්ෂණ මධ්‍යස්ථානයේ ජාතික සම්බන්ධීකාරක මංජුල ගජනායක පවසා ඇත්තේ මේ වනවිට දිස්ත්‍රික්ක 05 ක මෙම වැඩමුළු පවත්වා අවසන් කර ඇති බවයි. ඉතිරි දිස්ත්‍රික්ක 20 තුළ ද ඉදිරියේදී වැඩමුළු පැවැත්වීමට නියමිත බව පැවසේ.

නව පළාත් පාලන මැතිවරණ ක්‍රමය තුළ කාන්තා නියෝජනය අනිවාර්ය 25% ක් වන අතර ඒ අනුව පසුගිය මැතිවරණයේදී විශාල නවක මන්ත්‍රීවරියන් පිරිසක් තේරී පත් විය. පළාත් පාලන නීති-රීති, සීමා නිර්ණය වාර්තා සහ නව පළාත් පාලන මැතිවරණ ක්‍රමවේදය ඇතුළු කරුණු ආවරණය වන පරිදි මෙම වැඩමුළුව සංවිධානය කර ඇති බව ද මංජුල ගජනායක සඳහන් කර තිබේ.

The post පළාත් පාලන මන්ත්‍රීවරියන් වෙනුවෙන් වැඩමුළු දිවයින පුරා. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();