Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ජනපතිට එරෙහි තවත් එජාප කුමන්ත්‍රණයක් ගැන බන්දුල හෙළි කරයි.

Bandula_Gunawardana

ජනාධිපතිවරයා ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයට අමතරව ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති ඝාතන කිරීමේ කුමන්ත්‍රණයක් එක්සත් ජාතික පක්ෂය විසින් සිදු කරමින් සිටින බව ඒකාබද්ධ විපක්ෂය සඳහන් කර තිබේ.  කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මේ බව ප්‍රකාශ කර ඇත.

මීට අමතරව ආර්ථික වශයෙන්ද ඝාතනය කිරීමේ සැලැස්මක් එක්සත් ජාතික පක්ෂය විසින් ක්‍රියාත්මක කර ඇත බවද ඒ ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වා ඇති පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන,

“මම ඒකාබද්ධ විපක්ෂය හැටියට ඉතා පැහැදිලිව කියන්නේ ජනාධිපති ඝාතන කුමන්ත්‍රණයක අතිරේකව, ජනාධිපතිවරයාට අවශ්‍ය ප්‍රතිපත්තිය ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් එක්සත් ජාතික පක්ෂය විසින් මේ වන විට ඉතාම පළල් ලෙස දියත් කරලා තියෙනවා.  ජනාධිපතිතුමාව ශාරීරික වශයෙන් ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයට අතිරේකව ආර්ථික ඝාතන කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වෙන බව අපි බොහොම වගකීමෙන් ඒකාබද්ධ විපක්ෂය වශයෙන් ප්‍රකාශ කරන්න කැමතියි.”

The post ජනපතිට එරෙහි තවත් එජාප කුමන්ත්‍රණයක් ගැන බන්දුල හෙළි කරයි. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();