Ticker

6/recent/ticker-posts

Header Ads Widget

පුත්තලම ප්‍රාදේශීය සභාවේ සභාපති රිමාන්ඩ්.

REMANDED_01

පුත්තලම ප්‍රාදේශිය සභාවේ සභාපතිවරයා ඔහුට ඇති නඩුවේ ඇප කොන්දේසි කඩ කිරිමේ චෝදනාවට අදාළ නඩුව අවසන් වන තුරු රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට පුත්තලම මහ අධිකරණ විනිසුරු ආදිත්‍ය කාන්ත මද්දුම පටබැදිගේ අද ( 17 ) නියෝග කර ඇති බව සඳහන් වේ. මෙසේ බන්ධනාගාර ගත කර ඇත්තේ පුත්තලම ප්‍රාදේශීය සභාවේ වත්මන් සභාපති අංජන සඳරුවන් වන අය වේ.

2010 වසරේ ජනවාරි 16 වන දින හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහභාගිවූ මදුරන්කුලිය නගරයේ පැවති ජන රැළියකට ආණමඩුව තෝනිගල ප්‍රදේශයේ සිට බස් රථවලින් පැමිණෙමින් සිටි ආධාරකරුවන් පිරිසකට වත්මන් සභාපතිවරයා ඔහුගේ නිවසේ සිට කල වෙඩි තැබිමකදි ආණමඩුව තෝනිගල පදිංචිව සිටි එවකට වයස අවුරුදු 16 ක් පමණ වු ජයසිංහ ආරච්චිගේ අනුර සමන් කුමාර නැමති අය මරණයට පත්ව තිබු බව පැවසෙයි. අදාළ නඩුවේ ප්‍රධාන සැකකරු වු සභාපතිවරයා ඇප මත සිටි අතර එසේ සිටියදි ඉන්දුනිසායාවේ පැවති සභාපතිවරුන්ගේ සම්මේලනයකට සහභාගි විමට පසුගිය 10 දින කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලින් පිටත්ව යාමට සුදානම් වන විට ගුවන් තොටුපල පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.

සභාපතිවරයාට චෝදනා එල්ලවී ඇති මිනි මැරුම් නඩුවේ නියෝග නිකුත් කිරිම අදට යෙදී තිබු අතර ඒ සඳහා අධිකරණයේ පෙනි සිටියදී රජයේ අධි නිතිඥ අග්බෝ පණ්ඩිතරත්න  විසින් අධිකරණයට කරුණු ගෙන හැර දක්වමින් පවසා ඇත්තේ අදාළ මිනිමැරුම් නඩුවේ ප්‍රධාන සැකකරු වන අංජන සඳරුවන් නැමති අයට අධිකරණයෙන් ඇප ලබා දිමේදි ලබා දුන් ඇප කොන්දෙසි කඩකරමින් අධිකරයේ අවසරයකින් තොරව විදේශ ගත විමට කටයුතු කර ඇති බවයි.

ඒ අනුව අදාළ කරුණු සැලකිල්ලට ගත් පුත්තලම මහ අධිකරණ විනිසුරුවරයා අදාළ නඩුව අවසන් වන තුරු සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට නියෝග ලබා දීම සිදුකර තිබේ.

The post පුත්තලම ප්‍රාදේශීය සභාවේ සභාපති රිමාන්ඩ්. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();