Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ශ්‍රී ලංකාවේදී පළමුවරට අන්තර්ජාතික බේස්බෝල් තරගාවලියක්

ශ්‍රී ලංකාවේදී පළමුවරට අන්තර්ජාතික බේස්බෝල් තරගාවලියක් ලබන වසරේ මාර්තු මාසයේ පැවැත්වීමට කටයුතු සංවිධානය වෙයි. ජපානයේ පසුගියදා පැවැති ආසියානු බේස්බෝල් විධායක සභාවේ තීරණයක් අනුව මේ අවස්ථාව ශ්‍රී ලංකාවට පිරිනැමුණු අතර ඇෆ්ගනිස්තානය, ඉන්දියාව, පාකිස්තානය, නේපාලය, ඉරානය, ඉරාකය හා ශ්‍රී ලංකාව සහභාගීවන තරගාවලිය දියගම බේස්බෝල් ක්‍රීඩාංගණයේදී තරගාවලිය පැවැත්වේ.

වසර 1980දී බේස්බෝල් ක්‍රීඩාව ශ්‍රී ලංකාවේ ආරම්භ කළ අතර ජාතික බේස්බෝල් පිල ආසියානු ශ්‍රේණිගත කිරීම් අනුව 7වැනි ස්ථානයේ හා ජාත්‍යන්තර ශ්‍රේනිගත කිරීම් අනුව 40වැනි ස්ථානයේ පසුවේ.

ශ්‍රී ලංකා බේස්බෝල් සංගමයේ සභාපති ෆසීල් හොසේන් මහතා පවසන්නේ මෙම තරගාවලිය ශ්‍රී ලංකාවට ලැබීම විශාල භාග්‍යයක් ලෙස සලකන බවයි. “මෙවැනි තරගාවලියක් ශ්‍රී ලංකාවට ලැබෙන්නේ පළමු වරටයි. ශ්‍රී ලංකාවේ ක්‍රීඩා දියුනුව ලොවට පෙන්වීමට මෙය හොද අවස්ථාවක්”බේස්බෝල් සභාපතිවරයා පැවැසීය.

පසුගියදා ජපානයේ පැවැති අන්තර්ජාතික බේස්බෝල් තරගාවලියේදී ශ්‍රී ලංකා 18න් පහළ බේස්බෝල් පිල 5වැනි ස්ථානයට පැමිණි අතර ශූරතාව චීන තායිපේ, අනු ශූරතාව දකුණු කොරියාව, තෙවැනි හා සිවුවැනි ස්ථාන ජපානයට හා චීනයට හිමි විය. එම තරගාවලියේදී ශ්‍රී ලංකාව තරග පහකදී ජයග්‍රහණ 3ක් හා පරාජ 2ක් සටහන් කළේය. එම තරගාවලියේදී රාජකීය විද්‍යාලයේ දිනිත් කවීෂ හා ධර්මරාජ විදුහලේ ළහිරු ලක්ෂාන් යන ක්‍රීඩකයින්ගේ දක්ෂතා වෙනුවෙන් සම්මාන හිමිකර ගත්හ.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();