Ticker

6/recent/ticker-posts

Header Ads Widget

එමීර්-බංග්ලාදේශය ජය ලබයි

ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් පළමු වරට පැවැත්වෙන ආසියානු අභියෝග ශූරතා පිරිමි වොලිබෝල් තරගාවලියේ ඊයේ පැවැති තරගවලින් ජයග්‍රහණ අත්කර ගැනීමට එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ බංග්ලාදේශය සමත් විය.

‘බී’ කාණ්ඩයෙන් පැවැති මේ තරග දෙකේදී එමීර් පිල හමුවේ ඉරාකය වට 3-2කින්ද, බංග්ලාදේශය හමුවේ මොංගෝලියාව වට 3-1කින්ද පරාජයට පත්විය‍.

ඊයේ පෙරවරුවේ පැවැති ඉරාක-එමීර් තරගය තියුණු මුහුණුවරක් ගත් අතර එහි පළමු වටය ජය ගැනීමට ඉරාකය සමත්වූයේ 18-25ක් ලෙසිනි. ලකුණු 26-24ක් සහ 25-23ක් ලෙස තියුණු සටනකින් අනතුරුව දෙවැනි හා තෙවැනි වටයන් ජය ගැනීමට එමීර් පිල සමත්වූ අතර සිවුවැනි වටයේ ජය ඉරාකය සතුවූයේ ලකුණු 22-25කිනි. එහෙත් පස්වැනි වටය ලකුණු 15-9ක් ලෙස ජයගනිමින් තරගයේ ජය හිමිකර ගැනීමට එමීර් පිලට හැකිවිය.

මොංගෝලියාව සමග තරගයේ දී බංග්ලාදේශය පළමු හා දෙවැනි

වටයන් ලකුණු 25-22ක් සහ 25-23ක් ලෙස ජයගත් අතර තෙවැනි වටයෙන් මොංගෝලියාව 23-25ක ජයක් වාර්තා කළේය. එහෙත් සිවුවැනි වටයේදී ලකුණු 25-19ක ජයක් හිමිකර ගැනීමට බංග්ලාදේශයට හැකිවිය.

ඒ අනුව මූලික වටය නිමාවනවිට ‘බී’ කාණ්ඩයෙන් තරග කළ එමීර්, ඉරාකය සහ බංග්ලාදේශය තරග 2 බැගින් ජයගෙන සිටී.

‘ඒ’ කාණ්ඩය යටතේ මැලේසියාව සහ හොංකොං පිල අතර ඊයේ පස්වරුවේ පැවැති තරගයෙන් මැලේසියාව පිල වට 3-0කින් (ලකුණු 30-28, 25-19 හා 25-19) ජයගත් අතර එම කාණ්ඩයේ මූලික වටයේ අවසන් තරගය සත්කාරක ශ්‍රී ලංකාව සහ කසකස්තානය අතර ඊයේ රාත්‍රියේ පැවැත්වීමට නියමිතව තිබිණි. ශ්‍රී ලංකාව සහ කසකස්තානය තරග 2 බැගින් ජයගෙන සිටි අතර මැලේසියාව එක් ජයග්‍රහණයක් වාර්තා කර තිබිණි.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();